චීනය සහ පාකිස්ථානය අතර එකඟතාවක්!

Date:

කොළඹ LNW:චීන මහජන සමූහාණ්ඩුව සහ පාකිස්ථාන ඉස්ලාම් ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ඇරයුමට අනුව පාකිස්ථාන ජනාධිපති Asif Ali Zardari මහතා පසුගිය 4 වනදා සිට 8 වනදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වේ. එම සංචාරය තුළ Asif Ali Zardari මහතා 9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට ද එක්වීමට නියමිතයි.

චීනය හා පාකිස්ථානය අතර අංගසම්පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරී සබඳතාව ඓතිහාසික මෙන්ම ජනතා කැමැත්ත බවට පත් වන අතර එය දෙරටේ විවිධ ක්ෂේත්‍රයන් හි පොදු පිළිගැනීමට ලක්ව ඇති බව‍ට දෙපාර්ශ්වය විශ්වාසය පළ කර ඇත.

සියළු ආකාරයේ ත්‍රස්තවාදය සහමුලින්ම මර්දනය කරන බව දෙපාර්ශ්වය ප්‍රකාශ කර ඇති අතර මෙම සංචාරය තුළ දෙපාර්ශ්වය සහයෝගිතා ලේඛන 10කට වැඩි ප්‍රමාණයක් අත්සන් තබා තිබේ. චීන පාකිස්ථාන ආර්ථික කොරිඩෝව ගොඩනැගීම, වෙළඳ, විද්‍යා හා තාක්ෂණ, ජනජීවිත හා මාධ්‍ය යනාදී ක්ෂේත්‍ර ඊට ඇතුළත්ය.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...

කුණාටුවෙන් බලපෑමට ලක් වූ සියලු දෙනා සමඟ අපි නැගී සිටිමු – IMF

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW  ඉකුත් දින කීපය පුරා...

මහවැලි ගගට නිකුත් කළ ගංවතුර අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කරයි!

කොළඹ LNW:මහවැලි ගඟ සඳහා නිකුත් කළ ගංවතුර අවදානම් රතු...