චීනය සහ පාකිස්ථානය අතර එකඟතාවක්!

Date:

කොළඹ LNW:චීන මහජන සමූහාණ්ඩුව සහ පාකිස්ථාන ඉස්ලාම් ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ඇරයුමට අනුව පාකිස්ථාන ජනාධිපති Asif Ali Zardari මහතා පසුගිය 4 වනදා සිට 8 වනදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වේ. එම සංචාරය තුළ Asif Ali Zardari මහතා 9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට ද එක්වීමට නියමිතයි.

චීනය හා පාකිස්ථානය අතර අංගසම්පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරී සබඳතාව ඓතිහාසික මෙන්ම ජනතා කැමැත්ත බවට පත් වන අතර එය දෙරටේ විවිධ ක්ෂේත්‍රයන් හි පොදු පිළිගැනීමට ලක්ව ඇති බව‍ට දෙපාර්ශ්වය විශ්වාසය පළ කර ඇත.

සියළු ආකාරයේ ත්‍රස්තවාදය සහමුලින්ම මර්දනය කරන බව දෙපාර්ශ්වය ප්‍රකාශ කර ඇති අතර මෙම සංචාරය තුළ දෙපාර්ශ්වය සහයෝගිතා ලේඛන 10කට වැඩි ප්‍රමාණයක් අත්සන් තබා තිබේ. චීන පාකිස්ථාන ආර්ථික කොරිඩෝව ගොඩනැගීම, වෙළඳ, විද්‍යා හා තාක්ෂණ, ජනජීවිත හා මාධ්‍ය යනාදී ක්ෂේත්‍ර ඊට ඇතුළත්ය.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...