සටහන – පුලී
පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ඉකුත් වසරෙහි ඔස්කාර් සම්මානලාභීන් වන Emma Stone, Cillian Murphy, Da’Vine Joy Randolph සහ Robert Downey Jr. මෙවර 2025 ඔස්කාර් සම්මාන රාත්‍රිය වර්ණවත් කරමින් එහි වැඩසටහන් ඉදිරිපත් කරන්නන් ලෙස සහභාගී වීමට නියමිත බව හොලිවුඩයෙන් වාර්තා වේ.
යෝර්ගෝස් ලැන්තිමෝස් විසින් රචිත “Poor Things” හි බෙලා බැක්ස්ටර්ගේ චරිතය වෙනුවෙන් ස්ටෝන් හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර විය. කිලියන් මර්ෆි හොඳම නළුවා වූයේ ක්‍රිස්ටෝපර් නෝලන්ගේ “ඔපන්හයිමර්” චිත්‍රපටයේ ජේ. රොබට් ඔපන්හයිමර්ගේ චරිතය වෙනුවෙන් ය. ඇලෙක්සැන්ඩර් පේන් විසින් අධ්‍යක්ෂණය කරන ලද “The Holdovers” හි Mary Lamb ලෙස Randolph ඇයගේ රංගනය වෙනුවෙන් හොඳම සහය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූ අතර ඩව්නි ජූනියර් හොඳම සහය නළුවාට හිමි සම්මානය ඔපන්හයිමර් චිත්‍රපටයේ Lewis Strauss ගේ චරිතය වෙනුවෙන් ලබා ගැනීමට ද සමත් විය.
ස්ටෝන් දෙවතාවක් ඔස්කාර් සම්මානලාභී වන අතර, මීට පෙර ඩේමියන් චාසෙල්ගේ “ලා ලා ලෑන්ඩ්” හි ඇයගේ භූමිකාව වෙනුවෙන් ඔස්කාර් සම්මානයකින් පිදුම් ලැබීය. මර්ෆි, රැන්ඩොල්ෆ් සහ ඩව්නි ජූනියර් 2024 දී පළමු වරට ඔස්කාර් සම්මානලාභීන් අතරට එක්වූවන් විය.
මෙම වසරේ උත්සවය සඳහා අතිරේක ඉදිරිපත් කරන්නන් තවමත් ප්‍රකාශයට පත් කර නොමැති අතර 97 වැනි ඔස්කාර් සම්මාන උළෙල මාර්තු 2 වැනි දා සවස 4ට ඩොල්බි රඟහලේදී පැවැත්වීමට නියමිතය.