කොටහේනේ වෙඩි තැබීමක්.තුවාලකරු ජීවිතක්ෂයට!

Date:

කොළඹ LNW: කොටහේන, බෙනඩික්ට් මාවතේදී අද (10) දින පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමනේ පසු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ජම්පටාවීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

එම වෙඩිතැබීම සඳහා T-56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බව පොලීසිය පවසයි.

වෙඩිතැබීම සිදුකළ කණ්ඩායම සොයා මේ වනවිට පොලිස් කණ්ඩායම් 04ක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

පසුගිය දින කිහිපය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙලෙස ඝාතන කිරීම් වාර්තා වූ ආකරයක් දක්නට ලැබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යාවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : රාජ්‍ය ඖෂධ නිෂ්පාදන...

ආපදාවට පත් දරුවන්ට පාසල් උපකරණ වෙනුවෙන් දෙන දීමනාව ජනවාරි 05ට පෙර!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් පාසල්...

වතුකරයේ පාසල් ගුරුවරුන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30 , කොළඹ LNW : වතු ආශ්‍රිතව...

ශ්‍රී ලාංකිකයින්ට නැවතත් ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා අවස්ථා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW ! ශ්‍රී ලාංකිකයින්ට නැවතත්...