ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ වෙළඳසැල සහ සංස්කෘතික මධ්‍යස්ථානය බීජිං නුවරදී විවෘත කෙරේ

Date:

බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීනයේ ශ්‍රී ලංකා වෙළෙඳ හා ආර්ථික සහයෝගීතා සංගමය (CSLATE) සහ සීමාසහිත බීජිං වන්හොංග්තායි ටෙක්නොලොජි සමූහ සමාගම සමඟ එක්ව, 2022 අප්‍රේල් 20 වැනි දින, චාඕයැංග් දිස්ත්‍රික්කයේ සුප්‍රකට ෂීයු ෂුයි වීදියේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ වෙළඳසැල සහ සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කළේ ය.

විශාල එළිමහන් ප්‍රදේශයක් සහිත මෙම වෙළඳසැල තානාපතිවරයා වෙත නොමිලේ පිරිනමා ඇත. මෙම මුලපිරීම, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 65 ක් සපිරීමේ සංවත්සරය සහ රබර්- සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් තානාපති කාර්යාලය ක්‍රියාත්මක කරන ක්‍රියාකාරකම් මාලාවට ඇතුළත් එක් මුලපිරීමකි. ෂැංහයි සහයෝගීතා සංවිධානයේ (SCO) නියෝජ්‍ය මහලේකම්වරයා, රාජ්‍ය නිලධාරීන්, බීජිං හි රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල නියෝජිතයන් සහ චීන ව්‍යාපාරික ප්‍රජාව මෙම අවස්ථාවට සහභාගී වූහ.

පැමිණ සිටි පිරිස ඇමතූ බීජිං හි ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, මෙම මුලපිරීම චීනය තුළ ලංකා තේ ප්‍රවර්ධනය කිරීම සඳහා වූ පුරෝගාමී මුලපිරීමක් බව සඳහන් කළ අතර,  CSLATE හි සහ සීමාසහිත බීජිං වන්හොංග්තායි ටෙක්නොලොජි සමූහ සමාගමේ උද්‍යෝගීමත් දැක්ම වෙනුවෙන් සිය ස්තුතිය පළ කළේ ය. මෙය චීනයේ ප්‍රථම ලංකා තේ වෙළඳසැල සහ සංස්කෘතික මධ්‍යස්ථානය වන අතර තවත් බොහෝ තේ වෙළඳසැල් චීනය තුළ විවෘත වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව, තානාපතිවරයා සඳහන් කළේ ය. ලංකා තේ රසවිඳීම සඳහා තම හිතවතුන් ද කැටුව මෙම තේ වෙළඳසැලට පැමිණෙන ලෙස පැමිණ සිටි පිරිසට තානාපතිවරයා ආරාධනා කළේ ය. ලංකා තේ සතු සුවිශේෂී රස සහ සුවඳ හේතුවෙන් එය ලොව ප්‍රමුඛ පෙළේ කළු තේ අතර ප්‍රමුඛයා බවට පත්ව ඇත. දෙවැනි ලේකම් (තේ ප්‍රවර්ධන) සම්පත් පෙරේරා මහතා ලංකා තේ සකස් කරන අයුරු ප්‍රදර්ශනය කළේය. එතුමා ලංකා තේ නිෂ්පාදනය කරන ශ්‍රී ලංකාවේ කලාප හත සහ ඒවායේ සුවිශේෂී රස සහ සුවඳ පිළිබඳව ද විස්තර කළේ ය.

මෙම උත්සවයෙන් අනතුරුව, පැමිණ සිටි අමුත්තන් වෙත ශ්‍රී ලංකාවේ ප්‍රණීත ආහාර සහ ලංකා තේ පිළිගන්වන ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
බීජිං
2022 අප්‍රේල් 27 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...