දෝෂාභියෝගයට පෙර රුමේනියා ජනාධිපති ඉල්ලා අස්වෙයි!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 11 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

රුමේනියා ජනාධිපතිවරයා පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ එරට ජනාධිපතිවරණය අවලංගු කිරීම හේතුවෙන්, ඔහුට එරෙහිව අද (11) දිනයේ දී දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු අතර, එම දෝෂාභියෝගය ගෙනඒමට පෙර, රුමේනියා ජනාධිපති ක්ලව්ස් අයෝහානිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලබන මැයි මාසයේ මැතිවරණය පැවැත්වෙන තෙක් ක්ලව්ස් අයෝහානිස් ජනාධිපති ධුරයේ රැඳී සිටීමට දැඩි උත්සාහයක් ගත්තද විපක්ෂයේ බලපෑම හේතුවෙන් එය අසාර්ථක වූ බව වාර්තා විය.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, 2014 වසරේ සිට දෙවරක් ජනාධිපති ධුරය හොබවා ඇති ඔහු පසුගිය මැතිවරණය අවලංගු කිරීමත් සමග අනුප්‍රාප්තිකයෙක් පත්වන තුරු ධුරයේ රැඳී සිටීමට සුදුසුකම් ලැබූ බවයි. මෙලෙස ව්‍යර්ථ වී ඇත්තේ, එම ධුරයේ අඛණ්ඩව රැඳී සිටීමට ඔහු දැරූ උත්සාහයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශිය බඳු ගෙවන්නන්ට බරක් නොදී කරන්න හදන LA28

නිශ්මං රණසිංහ දෙසැම්බර් 08, කොළඹ LNW: වෙළඳ නාමකරණය, සුවිශේෂී අලෙවිකරණ...

ආපදාවත් සමඟ කූඨ වෙළඳුන් වැඩි වෙලා – හසුවූ අයට මිලියනයක් දඩ.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : සිදු වූ ආපදාවත්...

චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි!

දිනුෂි ධීරසිංහකොළඹ LNW:චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ(07) නිකුත් කළ...