හෙටත් විදුලිය කැපෙයිද?

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ (LNW):

නොරොච්චෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට පත්කරමින් සිටින බැවින්, හෙට (13) දිනය තුළ විදුලි කප්පාදුව සිදුකරන්නේ ද යන්න සම්බන්ධයෙන් හෙට උදෑසන ප්‍රකාශයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරතන මහතා කියා සිටියේය.

පසුගිය ඉරිදා දිනයේ දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය ද අක්‍රීය වූ අතර, මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක පමණ ප්‍රමාණයක් අහිමි වූ බව සඳහන් විය.

විදුලිබල මණ්ඩලය නිවේදනය කළේ, මේ අනුව, ඊයේ (11) සහ පෙරේදා (10) දිනයන්හි දී විදුලි කප්පාදුවක් සිදුකරනු ලැබූ අතර, අද (12) පොහොය දිනය වීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුනොකරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Korea Exim බැංකුවෙන් ඇ. ඩොලර් 50,000ක මානුෂීය ආධාර!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ජනවරම පාවා දෙන්න හදන්නේ. විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට විපක්ෂ විරෝධය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට ආණ්ඩුව ජනවරම පාවාදෙමින් 33%කින්...