USAID තහනම ගැන චීන මාධ්‍යයෙන් අනාවරණයක්!

කොළඹ LNW:ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු නියෝජිතායතනය (USAID) වසා දැමීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජය පසුගිය දා තීරණය කළා. මේ සම්බන්ධයෙන් චීන මාධ්‍ය අදහස් පළ කර තිබෙනවා.

දිගු කාලයක් පුරා USAID ආයතනයෙන් අරමුදල් ලබා ගත් විවිධ “ස්වාධීන මාධ්‍ය” සහ “රාජ්‍ය නොවන සංවිධාන” මෙම සිද්ධියෙන් කනස්සල්ලට පත්ව ඇති බවයි චීන මාධ්‍ය වෙබ් අඩවි පවසන්නේ. “සංවර්ධන ආධාර” මුවාවෙන් “මතවාදී යටත් විජිතවාදය” ක්‍රියාත්මක කළ බව ඉන් අනාවරණය කෙරෙන බව ද සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයක් අස්ථාවර කිරීම සඳහා හංගේරියානු සම්භවය සහිත ඇමරිකානු ප්‍රකෝටිපතියෙකු වන George Sorosගේ සංවිධානයට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු නියෝජිතායතනයෙන් ඩොලර් මිලියන 260ක් ලබා ගත් බව ලංකාවේ ප්‍රධාන පුවත් වෙබි අඩවි ද වාර්තා කර ඇති බවයි චීනය පෙන්වා දෙන්නේ.

“මාධ්‍ය නිදහස” සහ “ස්වාධීන වාර්තාකරණය” මුවාවෙන් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම් සිදුකරන ‘දේශසීමා රහිත වාර්තාකරුවන්’ (Reporters Without Borders) නම් බටහිර සංවිධානය ද ඉන් කලබලයට පත්වෙමින් ඇමරිකාව විදේශ ආධාර තහනම් කිරීම ලොව පුරා ප්‍රවෘත්ති සංස්කරණ ක්ෂේත්‍රය අර්බුදයකට පත් කරයි යනුවෙන් ලිපි ද පළ ක‍ර තිබෙනවා. එසේම එම සංවිධානය ඇමරිකානු අරමුදල් ලබා ගෙන ඇත්නම්, මීට පෙර සිය ස්වාධීනත්වය අවධාරණය කළේ කෙසේ ද යන පැනය ද මතු වී ඇති බවයි චීනය පවසන්නේ.

මෑත වසරවලදී, චීනයේ වේගවත් සංවර්ධනයත් සමග ඇමරිකාව චීනය තම විශාලතම උපායමාර්ගික තරඟකරුවා ලෙස වරදවා වටහාගෙන ‘‘මහජන මතවාදී යුද්ධ’’ ඇතුළු සෑම ආකාරයකින්ම චීනය මර්දනය කිරීමට හෝ සීමා කිරීමට උත්සාහ කර ඇති බව ද සඳහන් වනවා.

විශේෂයෙන්ම චීන-අප්‍රිකා සහයෝගීතාව ක්‍රමයෙන් ඵලදායී ප්‍රතිඵල අත්කර ගෙන ඇති අතර “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල ද අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේදී, අප්‍රිකාව ඇතුළු අදාළ රටවල සහ කලාපවල ආර්ථික තත්ත්වය ක්‍රමානුකූලව සංවර්ධනය වෙමින් පවතින අතර යටිතල පහසුකම් සහ ජන ජීවිත ද වසරින් වසර වැඩිදියුණු වී තිබෙනවා.

මෙයින් දැඩි කලබලයට පත් ඇමරිකාව, චීන-අප්‍රිකා සහයෝගීතාව සහ “එක් තීරයක්, එක් මාවතක්” වැඩපිළිවෙල දෙස බලන්නේ ද්වේ‍ශසහගතව බව ද චීන මාධ්‍ය වාර්තා කරනවා. ඒ සමගම චීනයට අපහාස කිරීම සඳහා මාධ්‍ය විසින් ගොතන ලද “නව යටත් විජිතවාදය”, “ණය උගුල” සහ “චීන තර්ජන” න්‍යායන්, මාධ්‍ය වාර්තාවල වැඩි වැඩියෙන් දක්නට ලැබුණු බව ද චීන මාධ්‍ය පවසනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...