ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණයට ඔරකල් සමාගමේ සහය!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය සඳහා සහාය වීමට ඔරකල් ක්ලවුඩ් යටිතල පහසුකම් (OCI) සැපයීම සඳහා ඔරකල් සමාගම කැමැත්ත පළ කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්යෙයේ පැවැත්වෙන් ලෝක රාජ්යේ සමුළුව (WGS) අතරතුර, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, (11) ඔරකල් සමාගමේ විධායක උප සභාපති මයික් සිසිලියා මහතා හවුවූ අවස්ථාවේදී එම සහය පළකර ඇත.

ආර්ථික සහ පාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ශ්රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය, ෆින්ටෙක් සේවා සහ ක්ලවුඩ් යටිතල පහසුකම යොදා ගැනීම කෙරෙහි මෙහිදී දෙපාර්ශවයේ අවධානය යොමු වී තිබුණි.

දත්ත ස්වෛරීභාවය සහ නියාමන අනුකූලතාව සහතික කරමින් රජයේ යෙදුම්, විද්යු ත් පාලන පහසුකම් සහ ජාතික දත්ත පද්ධතියක් සඳහා සත්කාරකත්වය දැරීමටත්, ශ්රී, ලංකාවේ ස්වෛරී ඔරකල් ක්ලවුඩ්ස් කලාපයක් ස්ථාපිත කිරීමට ද ජනාධිපතිවරයා ඔරකල් සමාගමට ආරාධනා කළා.කළේය.

ශ්‍රී ලංකාව මුදල් රහිත ආර්ථිකයක් කරා ගමන් කිරිම වේගවත් කිරීම අරමුණු කරගත් ෆින්ටෙක් සහ ඩිජිටල් ගෙවීම් පහසුකම් සඳහා මුලපිරීම පිළිබඳවද ජනාධිපතිවරයා සහ ඔරකල් විධායක උප සභාපති මයික් සිසිලියා මහතා අතර සාකච්ඡා වී තිබෙන අතර මේ සඳහා කොළඹ වරාය නගරයේ ඩිජිටල්කරණ මධ්ය්ස්ථානයක් පිහිටු වීමට ඔරකල් සමාගමට ජනපතිවරයා ආරාධනා කර ඈත.

එය දකුණු ආසියා කෘතී බුද්ධි‍ය (AI) සහ වලාකුළු (Cloud Hub) මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරනු ඇති. ඒ සඳහා කණ්ඩායමක් ලංකාවට එවන ලෙස ද ජනපතිවරයා මයික් සිසිලියා මහතාගෙන් ඉල්ලා සිටියේය.

කලාපීය වශයෙන් වන ඩිජිටල් පරිවර්තනය සහ නවෝත්පාදනය සඳහා වූ ඔරකල් සමාගමේ දැක්මට අනුකූල වන හෙයින් එහි දකුණු ආසියානු කෘත්රිතම බුද්ධිය (AI) සහ වලාකුළු (Cloud) මධ්ය්ස්ථානය ලෙස කොළඹ වරාය නගරයේ සිය කාර්යාලයක් පිහිටු වීමට ඔරකල් සමාගම දැඩි උනන්දුවක් පළ කරන බව එහි විධායක උප සභාපතිවරයා පැවසීය.

මෙය උපායමාර්ගික පියවරක් ලෙස ශ්‍රී ලංකාවට කෘතීම බුද්ධිය මඟින් ක්‍රියාත්මක වලාකුළු පහසුකමෙහි (AI driven Cloud Solutions) කලාපීය ප්‍රමුඛයෙකු වීමට අවස්ථාව සලසනු ඇති. රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයන් සහ අති නවීන තාක්ෂපණ ආයෝජන සඳහා මෙය පිටිවහලක් ද වෙයි.

ඒ අනුව, මෙම සාකච්ඡාවේදී, පාලන කාර්යක්ෂමතාව, ආර්ථික සංවර්ධනය සහ ගෝලීය තරගකාරිත්වය සඳහා නව තාක්ෂ ණය උපයෝගී කර ගැනීමට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර ඇති අතර, ඔරකල් සමාගමට ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිණාමණ ක්රිායාවලිය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීම සඳහා ආරාධනා කර තිබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්යය විජිත හේරත්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි ගෙනාවා විවෘත ආර්ථිකය. ඒක කොච්චර හොඳයිද කියලා මගෙන් අහන්න එපා, වසන්ත සමරසිංහගෙන් අහගන්න – රනිල්

සටහන - රුවන් නෙළුගොල්ල තමන් 2022 වසරේ රට බාරගන්නා අවස්ථාවේදී...

වැසි තත්වයේ වර්ධනයක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි...

මගේ ඇමරිකන් ඩොලර් 153499 තාත්තාගෙන් ලැබුණු තෑග්ගක් – ඇමති චතුරංග ධනය කළමනාකරණය ගැන කියයි

තමන්ගේ ආරම්භක වැටුප 2008 වසරේදී රුපියල් 75000ක් වූ අතර...

රජ සැප ගන්න හිටපු වෘත්තීය සමිති නායකයෝ අද රාජ්‍ය සේවකයා අමතක කර ආණ්ඩුව වෙනුවෙන් මරණ තර්ජනත් කරනවා – සජිත්

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවය ශක්තිමත් කරමින් රාජ්‍ය සේවකයන්...