CCIBය රන්මල්ට භාරදීම ගැන සෑහෙන පිරිසක් කලබල වෙලා !

විවිධ අපරාධ සහ ජාවාරම් පිළිබඳ පරීක්ෂණ කඩිනම් කිරීම සඳහා රජය ගත් තීරණයක් අනුව ශ්‍රී ලංකා පොලීසියේ ව්‍යුහමය වෙනසක් සිදුකෙරෙන බව පසුගියදා නිවේදනය කර තිබුණා.

ඒ අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ( CCIB ) නමින් ආයතනයක් පිහිටුවීමට තීරණය කරලා තිබෙනවා. එහි අධ්‍යක්ෂවරයා වශයෙන් ප්‍රසිද්ධ විමර්ශන නිලධාරියෙක් වන ශානි අබේසේකර පත්කර ඇති අතර එහි නියෝජ්‍ය පොලිස්පතිවරයා වන්නේ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයකු වූ නිහාල් තල්දූව යි. මෙම කාර්යාංශය ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු යටතට භාරකර තිබෙනවා.

රන්මල් කොඩිතුවක්කුට මේ ආයතනය භාරදීමත් එක්කම සෑහෙන පිරිසක් කලබල වෙලා කියලා ආරංචියි. ඒ, ඔහු සෘජු පොලිස් නිලධාරියෙක් වශයෙන් ප්‍රසිද්ධ නිසාත් දැඩි ක්‍රියාමාර්ගවලට නොපැකිළෙන නිලධාරියෙක් නිසාත් ලු. විවිධ අපරාධකරුවන්, ජාවාරම්කරුවන් විතරක් නෙවෙයි පොලීසියේ ඇතැම් නිලධාරීන් පවා මේ පත්වීම ගැන බයවෙලා කියලායි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

ඒ අනුව රන්මල් කොඩිතුවක්කු ඉලක්ක කරගත් සමාජ මාධ්‍ය ප්‍රහාරයක් ක්‍රියාත්මක වෙන්න නියමිතයි ලු. ඔහුට එරෙහිව පවතින පරණ චෝදනා අවුස්සමින් පිරිසක් දැනටමත් වැඩට බැහැලා ලු. ඒත් පොලීසිය පැත්තෙන් නම් කියන්නේ රන්මල් ඔහුට මේ භාරවුණු වගකීම හරියටම ඉෂ්ට කරයි කියලා ලු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුමේශ්ට SLAAJ වෙතින් නවතම Honda Vezel මෝටර් රථයක් තෑගි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ජපානයේ නගෝයා හි...

නාමල් රාජපක්ෂට එක් නඩුවකට ඇප!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : එයාර්බස් (Airbus) ගනුදෙනුවට...

නාමල් අධිකරණයට!

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයේ 16 වන ආක්ටික් සාගර විද්‍යාත්මක ගවේෂණය සාර්ථකව අවසන්!

කොළඹ LNW:චීනයේ 16 වන ආක්ටික් සාගර විද්‍යාත්මක ගවේෂණය සිදු...