‘ආදරවන්තයින්ගේ දිනයට කලින් ආදරණීය මතක් කිරීමක්’ – ශ්‍රී ලංකා පොලීසිය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ (LNW):

ශ්‍රී ලංකා පොලීසිය මඟින් සිය නිළ ෆේස්බුක් ගිණුම ඔස්සේ වර්තමාන සමජයටම ඉතා වැදගත් දැනුවත් කිරීමක් සිදුකර තිබේ. ඒ හෙට (14) දිනට යෙදී ඇති ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙනි.

ලොව පුරා සමරන ආදරවන්තයින්ගේ දිනයේදී, වර්තමානය වන විට මෙරට බොහෝ නීතිවිරෝධී ක්‍රියාවන්ට තරුන ප්‍රජාව යොමු වී ඇති බව දක්නට ලැබේ. අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජවාරම් කරුවන්ගේ ගොඳුරු බවට තරුන දරුවන් ඩැහැගැනීමේ ක්‍රියාවන් බහුලව සිදු වන්නේ මෙවැනි ජනප්‍රිය දිනයන් වලදීය. මන්ද මෙය අද වන විට අර්ථයක් නැති රැල්ලක් බවට පත්ව ඇති බැවිණි.

ඒ අනුව ශ්‍රී ලංකා පොලීසිය මඟින් මෙම ආදරවන්තයින්ගේ දිනය යන්නට පැය කිහිපයකට පෙර ‘ආදරවන්තයින්ගේ දිනයට කලින් ආදරණීය මතක් කිරීමක්’යනුවෙන් සමාජය දැනුවත් කිරීමේ නිවේදනයක් ලෙස පළ කර ඇති අතර, එම දැනුම්දීමෙහි කාන්තාවකට යම් හිංසනයක් සිදුවුවහොත් දැනුම්දීම සඳහා 109 යන දුරකතන අංකය සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...