අදානි අන්තිම තීරණය ගනී!

Date:

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ යෝජිත ඩොලර් බිලියන1 ක පුනර්ජනනීය සුළං බලාගාර සහ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතියෙන් ඉවත් වන බව අදානි ග්‍රීන් එනර්ජි සමාගම ආයෝජන මණ්ඩලයට (BOI) ලිඛිතව දැනුම් දී තිබේ.

ව්‍යාපෘතිය ආරම්භයට අවශ්‍ය කෙරෙන බොහෝ අනුමැතීන් ලබාගෙන ඇති නමුත් තවමත් නොවිසඳුණු පාරිසරික නිෂ්කාශන ක්‍රියාවලින්න්ට අදාළ ගැටලු සහ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් පැවතීම ඇතුළු තත්ත්වයන් සමග මතුව ඇති ප්‍රමාදය හේතුවෙන් අදානි සමාගම මින් ඉවත් වීමට තීරණය කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලිපියක් යවමින් අදානි සමාගම පවසන්නේ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සහ රජයේ දෙපාර්තමේන්තු සමඟ වසර දෙකක සාකච්ඡාවලින් පසුව සහ සාකච්ඡා වට 14 කට පසුව, සමාගම බොහෝ අනුමැතිය ලබාගෙන ඇති බවයි. කෙසේ වෙතත් යෝජනාව නැවත සාකච්ඡා කිරීම සඳහා නව කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුවක් (CANC) සහ ව්‍යාපෘති කමිටුව (PC) පිහිටුවීමත් සමඟ එම ව්‍යාපෘතියෙන් ඉවත් වීමට ඔවුන් තීරණය කර ඇත.

මෙම ව්‍යාපෘතියේ අරමුණ වූයේ මන්නාරම සහ පූනරින් හි මෙගාවොට් 484 ක සුළං බලාගාර ස්ථාපිත කිරීම සහ ශ්‍රී ලංකාවේ බලශක්ති යටිතල පහසුකම් සඳහා සහාය වීම සඳහා 220 KV සහ 400 KV සම්ප්‍රේෂණ ජාල පුළුල් කිරීමක් ස්ථාපිත කිරීමයි. සමාගම දැනටමත් පූර්ව සංවර්ධන කටයුතු සඳහා ඩොලර් මිලියන 5 ක් වියදම් කර ඇති අතර නිෂ්කාශන සහ ඉඩම් අත්පත් කර ගැනීම් සඳහා ප්‍රගතියක් ලබා තිබුණි. කෙසේ වෙතත්, මන්නාරමේ නොවිසඳුණු පාරිසරික අනුමැතිය සහ දැනට ක්‍රියාත්මක වන ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් ව්‍යාපෘතිය තවදුරටත් ප්‍රමාද කර තිබේ.

ඒ අනුව මෙම ආයෝජනයෙන් අදානි සමාගම ඉවත් වන අතර රජය නව ව්‍යාපෘති සඳහා ආරාධනා කළහොත් ශ්‍රී ලංකාවේ අනාගත අවස්ථා සලකා බැලීමට ඇති කැමැත්ත පිළිබදවද අදානි සමාගම තහවුරු කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රසිඳු අංක එකේ ක්‍රීඩකයාට ඉහළින්ම අභියෝගයක් වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: BNI Indonesia International Challenge...

Lanka Ride 2025 හොඳ වැඩක් – ඒත් ඒක එක නෙමෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: වැරදි තොරතුරු මත සහ...

සමාජවාදය ජීවමාන අපේක්ෂාවක් – පෙරටුගාමීන් ඉල්මහ විරුවන් සමරයි!(PHOTOS)

කොළඹ LNW: අදට යෙදී තිබෙන 36 වෙනි ඉල්මහ විරු...

විහාරමහ දේවී එළිමහන් රංග පීඨයේදි පැවැති 36වැනි ඉල්මහ විරු සමරුව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : අද (13) ...