තවත් මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රිය අනතුරක !

Date:

ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමාරන් ගමන් ගත් මෝටර් රථයක් චාවකච්චේරි ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබේ.

මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය කිලිනොච්චියේ සිට යාපනය දක්වා ගමන් කරමින් තිබියදී එය ඉදිරියෙන් ගමන් ගත් කුඩා ලොරි රථයක් චාවකච්චේරි දෙසට හැරී පසුපසින් පැමිණි මන්ත්‍රීවරයාගේ රියේ ගැටී ඇති බව සඳහන්.

අනතුරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් ඔහුගේ සහායකයකු සහ මෝටර් රථයේ රියදුරා තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

චාවකච්චේරි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඊයේ (14) දිනයේදී ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් ගමන් ගත් මෝටර් රථය ද වෙන්නප්පුව ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබුණු අතර එහිදී යතුරුපැදිකරුවකු මියගොස් තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...