අර්ධ මැරතන් තරගයක් විනාඩි 57 ට අඩුවෙන් දිවූ පළමුවැන්නා ලෙස කිප්ලිමෝ ඉතිහාසයට එකතු වෙයි

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 17,(LNW)කොළඹ :

අර්ධ මැරතන් ලෝක වාර්තාවට හිමිකම් කී ඉතියෝපියාවේ යොමිෆ් කොජෙල්චා ගේ විනාඩි 57:30 ක් වූ ලෝක වාර්තාව බාසිලෝනා හී දී බිඳ දමන්නට උගන්ඩාවේ ජාකොබ් කිප්ලිමෝ සමත් විය.කිප්ලිමෝ මෙහදී පැරණි වාර්තාව තත්පර 48 න් බඳි දැමීම කැපී පෙණුන සිඳුවීමක් වූ අතර නව ලෝක වාර්තාව ලෙස කිප්ලිමෝ වාර්තා කළ විනාඩි 56:41 ක දක්ෂතාවය ඉතිහාසයට එකතු වන්නේ අර්ධ මැරතන් සූරයෙකු එම දුර තත්පර 57 ට අඩුවෙන් තරණය කළ ලොව පළමු අවස්ථාව ලෙස,සදා නොබිඳිය හැකි වාර්තාවක්ද සිය නමට ලියා ගනිමින්ය.

එසේම මෙම වාර්තාව සඳහා ධාවනයේ යෙදෙද්දී කිප්ලිමෝ කිලෝමීටර් 15 ක දුර ප්‍රමාණය ඉක්මවා ගිය කාලය වූ විනාඩි 39.47 ද,එම දුර තරණය කළ ලාව හොඳම කාලය ලෙස ද ඉතිහාසයට එක් විය.

http://www.sportwaynews.com/