රෂිකා හෙන්නායක පෙබරවාරි 17, කොළඹ (LNW):
හෙට (18) සිට, දැනට පවතින පාන්පිටි මිල අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර ඇත.
ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කෙරෙනු ඇති බව සඳහන් වේ. ජීවන වියදම් අඩු කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහයක් ලෙස මෙම මිල අඩුකිරීම සිදුකළ බව පැවසේ.
