රනිල් හදපු අයවැයක් අනුර කියෙව්වා – නාමල්

Date:

කොළඹ LNW:2025 අයවැය ගැන ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් හදපු අයවැයක් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විසින් කියවීමක් වැනි හැඟීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ, අයවැය ගැන පාර්ලිමේන්තුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් අද දින ඉදිරිපත් කළ අයවැය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති හා සමාන බවයි රාජපක්ෂ මහතා පැවසුවේ.

”බොහොම හොඳයි.රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හදපු අයවැයක් අතිගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විසින් කියෙව්වා වගේ හැගීමක් තමයි මට නම් ආවේ. මොකද අයවැය රනිල් වික්‍රසිංහ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති හා සමානයි. රජයේ සේවක වැටුපත් මාස 06න් 06ට වැඩිකරයි කියල බලාපොරොත්තු වෙනවා. එහෙමනේ පොරොන්දු වුණේ. දැන් ඉතින් අවුරුදු තුනකට තුන් පාරකට වැඩිවෙන්න හදල තියෙනවා. ඒකත් හොඳ දෙයක්. මුකුත් නැති එකේ හොඳක් වෙනවා නම් හොඳයි.” යනුවෙන් හෙතෙම ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...