2025 අයවැයෙන් රජයට සාධනීය ප්‍රවේශයක් ගත හැකිවුණාද?

Date:

කොළඹ LNW:2025 අයවැය මඟින් සෑම පැත්තක් පිළිබඳවම අවධානය යොමුකර තිබෙන අතර විශේෂයෙන් භාණ්ඩ හා සේවාවල මිල ගණන් ස්ථායීව පවත්වා ගැනීම හා නැත්නම් ඒවා පහළට ගෙන එම සඳහා කටයුතු කිරීම කළ යුතුවෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ගාමිණී වීරසිංහ මහතා පැවසුවේය.

මේ වන විට රජයට සාර්ව ආර්ථික අරමුණු කිහිපයක් ඉටුකරගැනීමට රජයට සිදුවන අතර මෙහිදිඅ ආර්ථික වෘද්ධි මට්ටම ඉහළ අගයක තබා ගැනීම වැදගත් බවයි මහාචාර්යවරයා කියාසිටියේ.

”අයවැය ලේඛනයක් කියන්නේ රටක රාජ්‍ය ආදායම සහ වියදම පිළිබඳව තොරතුරු දත්ත ලියවිල්ලක් පමණක්ම නෙවෙයි. ඒක ඇවිල්ලා පවතින රජයේ කෙටිකාලින ආර්ථික දැක්ම ප්‍රකාශ කරන පිළිඹිඹුවක් විදිහට තමයි අපි දකින්නේ. එතකොට අපට පෙන්වා වර්තමානය වෙනකොට පවතින රජයට මුහුණ දීමට තිබෙන අභියෝගයක් කිහිපයක් තියෙනවා. ඒවා අතර ප්‍රධාන වෙනවා ආර්ථික වෘද්ධි වේගය ඉහළ මට්මක පවත්වා ගැනීම. ඒ වගේම තමයි රටේ සේවා වියුක්ති ගැටලුවට විසඳුම් සෙවීම. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් තියෙන අභියෝගය තමයි රට තුළ භාණ්ඩ හා සේවාවල මිල ගණන දැඩි ලෙස උච්චාවචනය වීම වළක්වා ගැනීම. අපි කියනවා ඒකට මිල ස්ථායිතාව ආරක්ෂා කරගැනීම කියල. ඒවට අමතරව අනිත් පැත්තෙන් රජයට තියෙන ගැටළු තමයි විදේශ සංචිත ආරක්ෂා කරගැනීම. විනිමය අනුපාතිකය උච්චාවචනයන්ගෙන් තොරව ස්ථාවරව පවත්වා ගැනීම. මේ වගේ සාර්ව ආර්ථික අරමුණු කිහිපයක් වර්තමාන රජයට තියෙනවා. මේ හැමදේකටම මූලිකව වැදගත් වෙන කාරණයක් තමයි ආර්ථික වෘද්ධිය ඉහළ මට්ටමක පවත්වා ගැනීම. අපි දැක්කා ජනාධිපතිතුමා කියනවා මැදි කාලීනව අපි 5%ක් ආර්ථික වෘද්ධි වේගයක් පවත්වාගන්න බලාපොරොත්තු වෙනවය කියල. අපි දකිනවා පහුගිය කාලයේ ආර්ථිකයේ හැකිලීම දැන් ක්‍රමයෙන් ප්‍රසාරණාත්මක තැනකට ගමන් කරමින් තිබෙනවා. අයවැය ලේඛනය ගත්තම රජය විසින් සෑම පැත්තක් පිළිබඳවම අවධානය යොමුකිරීමක් තිබෙනවා. රටේ තිබෙන භාණ්ඩ හා සේවාවල මිල ගණන් ස්ථායිව පවත්වා ගැනීම හා නැත්නම් ඒවා පහළට ගෙන එම සඳහා කටයුතු කිරීම කරන්න වෙනවා. සංචාරක කර්මාන්තය නගාසිටුවීම සඳහා කටයුතු කරනවා කියල තියෙනවා. ඒවගේම විදේශ ආයෝජන ගෙන්වා ගැනීම,පහුගිය කාලයේ නතර වෙලා තිබුණු සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා මුදල් වෙන්කිරීම කරලා තියෙනවා. ඒ හරහා තමයි අපට මේ අයවැයේ සාර්ථක අසාර්ථකභාවය සාකච්ජා කරන්න වෙන්නේ.” යනුවෙන් වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...