ගණේමුල්ල සංජීව ඝාතනය:මහජන ආරක්ෂාව තහවුරු කරන්නේ මෙහෙමද? නි. ඇමති වටගල නිහඬයි!

Date:

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තාට අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ නිරීක්ෂණයට පැමිණි මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති නීතිඥ සුනිල් වටගල මහතා මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම හමුවේ කිසිත් නොපවසාම එම ස්ථානයෙන් බැහැර වන ආකාරය දැක ගත හැකි විය.

නීතිඥයෙකු ලෙස පැමිණ ගණේමුල්ල සංජීව නැමැත්තාට වෙඩි තැබූ වෙඩික්කරු අධිකරණ සංකීර්ණයේ CCTV දර්ශන මඟින් හඳුනා ගෙන තිබෙන අතර ඉදිරි කටයුතු වෙනුවෙන් සියලු පියවර ගෙන තිබෙන බව පමණක් නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණි.

ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න නමැත්තාට එරෙහිව විභාගවන නඩු කටයුත්තක් වෙනුවෙන් ඔහුව විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් ආරක්ෂාව මැද අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය වෙත රැගෙන විත් තිබුණ අතර විත්ති කූඩුව තුළ සිටියදීම ඔහුට වෙඩි තබා ඝාතනය කර තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...