*
Monday, April 28, 2025
spot_img

Latest Posts

විනිසුරුවරුන්ගේ ආරක්ෂාව බරපතළ ලෙස අනතුරේ ….?

ඊයේ (19) උදෑසන ගනේමුල්ලේ සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න නමැති පාතාල නායකයා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ අංක 05 මැදිරියේ විත්ති කූඩුව තුළ වෙඩිතබා ඝාතනය කිරීමත් සමග අධිකරණ විනිසුරුවරුන්ගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ තර්ජනයක් මතුව ඇති බව නීතී ක්ෂේත්‍රයේ සංවාදයට ලක්ව තිබේ.

අධිකරණය යනු යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ මහදෙවොල වශයෙන් සැලකෙන ආයතනයයි. සියලුම දෙනාම පාහේ ඊට බය පක්ෂපාතව කටයුතු කිරීම සාමාන්‍ය ස්වභාවයයි. අධිකරණ ක්‍රියා පටිපාටි පවා සැකසී ඇත්තේ එම ගෞරවය මනාව ඉස්මතු වෙන ආකාරයෙනි. අධිකරණය හැඳින්වීමේදී නිරන්තරයෙන් “ගරු අධිකරණය” යනුවෙන් භාවිතා කෙරෙන අතර විනිසුරුවරුන් ආමන්ත්‍රණය කෙරෙන්නේ “ස්වාමීනී” යනුවෙනි. නීතියේ ආධිපත්‍යය සමාජය තුළ පවතින්නේ අධිකරණය කෙරෙහි පවතින බියමුසු ගෞරවය හේතුවෙනි.

මොනම පාතාල කෙරුමෙකු වුවත් අධිකරණය සමග සෙල්ලම් කිරීමට සාමාන්‍යයෙන් පෙළඹෙන්නේ නැත. එවැන්නක් සිදුවන්නේ ඉතාමත් කලාතුරකිනි. මෙරට අධිකරණයක් තුළ මෙවන් ඝාතනයක් සිදුවුණේ දශක දෙකකට පමණ පසුව ය. විශේෂයෙන් විත්ති කූඩුව තුළ සැකකරුවකු වෙඩිතබා ඝාතනය කෙරුණේ පළමුවරට බවක් ද කියැවේ. එයින් ද කියැවෙන්නේ මොන කෙරුමෙකු වුවත් අධිකරණය තුළ මෙවැන්නක් සිදුකිරීමට මෙතෙක් පැවති බියේ තරමයි. එම බිය නැතිවීමේ ප්‍රවණතාව ඉදිරියට ගියහොත් එය කිසිසේත්ම සමාජයකට දරාගත හැකි තත්වයක් නොවනු ඇත.

එසේම, අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය යනු මෙරට මහේස්ත්‍රාත් අධිකරණ අතරින් ප්‍රධානම ස්ථානයයි. ආන්දෝලනාත්මක ගණයේ ප්‍රබල අපරාධකරුවන් රැසක් එම නඩු විසඳෙනතුරු ඉදිරිපත් කරන්නේ මේ අධිකරණයටයි. එහි පැමිණෙන නීතීඥවරුන් කිසිදු පරීක්ෂාවකින් තොරව ඇතුළු කරගැනීම ඊයේ සිදුවූ ඝාතනයට ප්‍රධානම රුකුල වූ බව පැහැදිලි ය. අවම වශයෙන් මෙම උසාවි සංකීර්ණයට පැමිණෙන නීතීඥවරුන් ගෙනයන භාණ්ඩ පරීක්ෂා කිරීම සඳහා ස්කෑනර් යන්ත්‍රයක්වත් නැත. මෙහි ආරක්ෂාවට පොලීසියට අමතරව යොදවා සිටින්නේ පෞද්ගලික ආරක්ෂක ආයතනයක ආරක්ෂකයින් පිරිසක් බවත් ඔවුන්ගෙන් බහුතරය ඉතා වයස්ගත පුද්ගලයින් බවත් වාර්තා වී තිබිණි. එය ද බැරෑරුම් තත්වයකි.

නීතීඥවරුන් වශයෙන් දිවුරුම් දෙන අයගෙන් කොටසක් විනිසුරුවරුන් වශයෙන් සේවයට එක්වන්නේ ගරු අධිකරණයක් තුළ නීතියේ ආධිපත්‍යය සුරැකෙන අයුරින් යුක්තිය පසිඳළීමේ ක්‍රියාවලියට දායක වීම සඳහා මිස පිස්තෝලවලින් සටන් වදින අත්දැකීමකට මුහුණ දීමට නොවේ. මෙවන් සිද්ධීන්වලින් විනිසුරුවරුන්ගේ ජීවිතවලට එල්ල වන තර්ජනය අතිශයින් භයානක ය. මන්දයත් මේ පාතාලයින්ව සිරගත කිරීමේ නියෝග නිකුත් කරන්නේ විනිසුරුවරුන් විසින් බැවිනි.

මෙයින් විනිසුරුවරුන්ට අත්වන කම්පනය දෙවැදෑරුම් වේ. එකක් නම් සෘජුවම තමන් මුහුණ දුන් අත්දැකීම අනුව තම ජීවිතයට එල්ල වන තර්ජනය පිළිබඳ කම්පනයයි. දෙවැන්න මේ හරහා අධිකරණය සහ යුක්තිය පසිඳළීමේ ක්‍රියාවලිය කෙරෙහි සමාජය තුළ පවතින ගෞරවයට හානි සිදුවීම පිළිබඳ ඇතිවන කම්පනයයි. මෙය යුක්තිය පසිඳළීමේ ක්‍රියාවලිය නීරෝගීව පවත්වාගෙන යාමට දැඩි බාධාවකි.

විනිසුරුවරුන්ට තම වෘත්තියට අදාළ විශේෂ වරප්‍රසාද යම් ප්‍රමාණයක් ලැබී ඇතිවාක් මෙන්ම ඔවුන්ට සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී සාමාන්‍ය ජනතාව භුක්ති විඳින නිදහසෙන් කොටසක් අහිමි වී ද ඇත. මේ විනුසුරුවරුන්ට ද පවුල් ජීවිතයක් තිබේ. ඔවුන්ට ද බිරින්දෑවරුන්, සැමියන්, දරු දැරියන්, මව්වරුන්, පියවරුන් සිටිති. තමන්ගේත් තම සමීපතමයින්ගේත් ජීවිත අවදානමට ලක්වන තත්වයක් තුළ ඔවුන් මානසික නිදහසකින් යුතුව රාජකාරි කරන්නේ කෙසේද ? එහෙයින් එවන් වාතාවරණයක සිට යුක්තිය පසිඳළීමේ රාජකාරි කරන විනිසුරුවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බලධාරීන් මීට වඩා දැඩි අවධානයක් යොමුකළ යුතු බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයින්ගේ අදහස වී තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan