ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට:වරද මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කිරීම

0
372

රෂිකා හෙන්නායක පෙබරවාරි 20, කොළඹ (LNW):

නාවික හමුදාව උතුරු මුහුදේ කළ සෝදිසි මෙහෙයුම්වලදී, මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ති‌‌බේ.

ඩෙල්ෆ් මුහුදේදී යාත්‍රා දෙකක් සමග ධීවරයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මන්නාරමේදී අත්අඩංගුවට ගෙන ඇති ධීවරයින් සංඛ්‍යාව 04 කි. මෙහිදී ඔවුන් පැමිණි යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට භාරදෙන බව, නාවික හමුදාව සඳහන් කළේය.