හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට වසර හතරක සිරදඬුවමක් !

Date:

හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට වසර හතරක බරපතළ වැඩසහිත සිරදඬුවමක් වව්නියාව මහාධිකරණය විසින් නියම කර තිබේ.

ඒ, යාපනයේ විත්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මහාලිංගම් ශෂීකුමාර් හෙවත් ස්විස් කුමාර් නමැත්තාට පොලිස් අත් අඩංගුවෙන් මිදී පළායාමට ආධාර අනුබල දීමේ චෝදනාවට අදාළ නඩුවේ තීන්දුව අද (20) ප්‍රකාශයට පත්කරමිනි.

රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතීඥ නිශාන්ත් නාගරත්නම් මහතා මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවීය.

2015.05.13 වනදා යාපනය, පුංකුඩුතිව් හි සිදුවූ විත්‍යා දැරිය ඝාතනය රටම කැළඹූ අපරාධයක් විය. සිද්ධියෙන් දින කිහිපයකට පසු එහි ප්‍රධාන සැකකරු වූ ස්විස් කුමාර් නමැත්තාව ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පොලීසියට භාරදී තිබියදී ඔහුව නිදහස් කර හැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට චෝදනා එල්ල වී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...