ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට හෙට (26) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් සිදුකර තිබේ.
ඒ, ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකට ව්‍යාපාරිකයකු CIDයට ලබාදී ඇති ප්‍රකාශයක් අනුව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ය.
එහිදී නාමල් රාජපක්ෂව අත් අඩංගුවට ගැනීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.
