පළාත් පාලන මැතිවරණයට දින නියම වෙයිද? මැතිවරණ කොමිසමෙන් තීරණාත්මක රැස්වීමක්!

Date:

කොළඹ LNW:මැතිවරණ කොමිෂන් සභාවේ අද (27) රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම රැස්වීමේදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වෙන අතර පසුගියදා පළාත් පාලන අමාත්‍යංශ විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව ජූනි 02 වැනි දින පළාත් පාලන ආයතන රැස්වීමට නියමිතයි.

ඒ අනුව අප්‍රේල් මස අවසානයේදී හෝ මැයි මස මුල් සතියේදී පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පවසන්නේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ආණ්ඩුව සූදානම් බවත් ඊට අවශ්‍ය සහය දෙන බවත් රජයේ පාර්ශවයෙන් පවසා තිබුණද විපක්ෂයේ ඉල්ලීම වන්නේ අයවැය විවාදය අවසන් වනතුරු මෙම මැතිවරණය පැවැත්වීම ගැන තීරණයක් නොගන්නා ලෙසයි.

පවතින තත්ත්වය අනුව අද දින මැතිවරණ කොමිසම විසින් පවත්වනු ලබන රැස්වීම තුළ පළාත් පාලන මැතිවරණය ගැන තීරණාත්මක තීන්දුවකට එළඹෙනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...