ජාත්‍යන්තර කම්කරු දිනය අදයි …

Date:

සකල දේශවාසී වැඩකරන ජනතාව සිය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින ජාත්‍යන්තර කම්කරු දිනය අදට (01) යෙදී තිබේ.

වැඩ දිනය පැය 08කට සීමා කරන ලෙස ඉල්ලා 1886 මැයි මාසයේදී ඇමරිකාවේ චිකාගෝ නුවර හේමාකට් චතුරස්‍රයේදී කම්කරුවන් ගෙනගිය අරගලය සිහිකිරීම පිණිස මෙසේ මැයි 01 වනදා ජාත්‍යන්තර කම්කරු දිනය වශයෙන් නම් කර තිබේ.

එමෙන්ම එම අරගලයේදී පොලිස් වෙඩිපහරින් මරුමුවට පත්වූ කම්කරුවන්ගේ රුධිරයෙන් තෙත් වූ කමිස ඔසවාගෙන එදා ඔවුන් ගිය පෙළපාලිය සිහිපත් කරමින් වැඩකරන ජනතාවගේ ධජය රතු පැහැයෙන් සංකේතවත් වී ඇත.

තාක්ෂණය කෙතරම් දියුණු වුවත් ලෝකය ධනයෙන් කෙතරම් ආඩ්‍ය වුවත් වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් තවමත් බොහෝ සෙයින් පහළ මට්ටමක පවතී. වඩා යහපත් ජීවන තත්වයක් වෙනුවෙන් ඔවුන් ගෙනයන අඛණ්ඩ අරගලය මැයි දිනය තුළින් සංකේතවත් කෙරේ.

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන තත්වය අනුව ආණ්ඩු බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර පක්ෂයක් වශයෙන් මැයි රැළියක් නොපවත්වන අතර සෙසු ප්‍රධාන පක්ෂ අතරිනුත් කොළඹදී මැයි රැළියක් පවත්වන්නේ සමගි ජන බලවේගය පමණි.

ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි දින සැමරුම සඳහා කොළඹින් බැහැර ප්‍රදේශ තෝරාගෙන තිබේ.

මේ අතර ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ගෝල්ෆේස් පිටියෙහි වාඩිලාගෙන අරගලයේ යෙදෙන කණ්ඩායම් විසින් ද එම ස්ථානයෙහි මැයි රැළියක් පැවැත්වීමට නියමිත බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිහිසුණු එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව කෝ පයිලට් ඇද්ද වැරදි ලීවරය ද?

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා විශේෂඥයෙකු...

කොච්චර කිව්වත් පිළිගත්තේ නෑනේ.ඩීල් නෑ කියපු ජේවීපී ඒකේ ඩීල් දැමිල්ල කොහොමද? (VIDEO)

කොළඹ LNW: යටින් ඩීල් දැමිල්ල ජනතා විමුක්ති පෙරමුණට එදා...

පොලිස් සැරයන්වරයෙකුට වන අලි ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : වන අලියෙකු පහරදීමෙන්...

ලහිරු සහ තරිඳු ටෙස්ට් වරම් දිනා ගනියි

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: බංගලාදේශයට එරෙහිව පැවත්වෙන ටෙස්ට්...