*
Friday, February 28, 2025
spot_img

Latest Posts

තඹුත්තේගමින් රගර් පාළකයෙක් හැදෙන්න පුළුවන් සිහිනයට පවතින්න ඉඩ දෙන්න

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 27,(LNW)කොළඹ :

ක්‍රිඩා අමාත්‍යවරයා සමඟ වන සංවාදයේදී එතුමා රගර් ක්‍රීඩාව සමඟ දත්ත එකතු කිරීමේ කාරණයේ දී භාවිතයට ගන්නා මූලාශ්‍රයන් සම්බන්ධයෙන් වන අවුල පැහැදිළි කර ගැනීමට හැකි විය.ඔහුට ඒත්තු ගන්වා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ රගර් වලපල්ලේ තිබෙන බවය.දැනට තිබෙන ව්‍යහුය සාර්ථකනම් රගර් ආසියාවේ ඉහළින්ම තිබිය යුතු බවය.


දැනටත් ශ්‍රී ලංකාවේ රගර් ලෝකයේ හතළිස්වන තැන ඇත.එය ආසියාවේ සිව්වන තැනය.ඒ නිසා රගර් වලපල්ලට වැටී නැත.අවසන් ආසියානු ක්‍රීඩා තරගාවලිය මොහොතේ ආසියානු සංගමය මෙන්ම රොෂාන් රණසිංහ ඇමතිවරයා පත් කළ අන්තර්වාරණ කමිටුවේ වැඩ කටයුතු සමඟ පැන නැඟුණු නීතිමය තත්ත්වයන් නිසා හරි පුහුණුවක් ලැබීමට නොහැකි වූ සහ එය උපක්‍රමිකව දෙස් විදෙස් කණ්ඩායම් එකතුව කළ වැළක්වීම නිසා රගර් පහතට වැටුණත් ඊට පෙර ආසියානු ක්‍රීඩා උළෙල දෙකේම රගර් සිටියේ පදක්කම් සටහන ආසන්නයේය.


අවසාන වරට පැවත් වූ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල එම ක්‍රීඩා උළෙල සමඟ බැඳුණු කීර්තිමත්ම මත සටහන් ඉතුරු කර පැමිණි නිසා සහ ඒ සඳහා වෙනස්ම පුහුණු ක්‍රම යොදා ගනිමින් සිඳු කල පුහුණුව ද නිසා,ඊට නායකත්වය දුන් රිස්ලි ඉල්ලියාස්ගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා රගර් ආසියානු පදක්කමකට යාම වැළක්වීමට උවමනාව තිබුණේ ආසියාවට පමණක් නොවේය.ඒ නිසා අවසාන ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ කඩා වැටීම කඩාකප්පල්කාරි සහ අවස්ථාවාදී වැඩකි.එහෙත් ඉන් පසුවත් ශ්‍රී ලංකාව ආසියානු මට්ටමේ දක්ෂතා පෙන්වා තමන්ට ආසියාවේ හිමි විය යුතු තැන පිළිබඳ හරියටම සටහන් කරගෙන ඇත.
අසාර්ථක වුණ ආසියාවේ බලපෑමට යටත් කළ රගර් ආසියානු ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩා කිරීම සපුරා ශ්‍රී ලංකාවට අහිමි කරමින් ආසියානු රගර් සම්මේලනය ගත් තීරණය වෙනස් කරනු ලැබුවේ ආසියානු ඔලිම්පික් කමිටුවය.ලෝක සම්මේලනය ද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජික රටක් හැටියට ආසියානු ඔලිම්පික් කමිටුවට අවනතව වැඩ කළ යුතු බව ආසියානු රගර් සම්මේලනයට ඒත්තු ගැන්වීය.ඒ නිසා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සිතන හැටියට සහ ඔහු විසින් අමාත්‍යවරයාට ද ඒත්තු ගන්වන හැටියට ලංකාවේ අධිකරණයටත් ඉහළින් ලෝක මට්ටමේ සම්මේලන සහ කළාපීය මට්ටමේ සම්මේලන තිබිය යුතු නැත.ඒවාට බලපෑම් මත හිස නොනමා කටයුතු කරන්නට වෙනත් මාර්ග ඇත.


අමාත්‍යවරයා දරණ මතය
අමාත්‍යවරයා දරන මතය යනු මේ මොහොතේ ඔහු විසින් එම විෂය ගැන කරුණු අවබෝධ කර ගැනීමට යොදා ගන්නා මූලාශ්‍ර ඇසුරෙන් උපයන දේ ය.ඒවා ඔහු සියයට සියයක් නිවැරදි ලෙස විශ්වාස කරන අයුරු පෙන්වා දෙයි.ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමන්ට ලැබුණු රගර් පාලනය කිරිමේ තාවකාලික වරමෙන් ව්‍යවස්ථාව වෙනස් කිරීමේ වගකීම තමන් යටතේම කර දැමීමට දරණ වෑයම සහ එහි ප්‍රධාන අරමුණ ඒ කාණ්ඩයේ ක්‍රීඩා කරන කණ්ඩායම්වලට ඡන්ද බලය හිමි කර දීමය.එය අමාත්‍යවරයා මාධ්‍යවේදීන් දැක්වූවේ පැවසුවේ සීආර් කිව්වොත් දන්නවා ඊස්ට් කිව්වොත් රගර්වල දන්නවාද වැනි අදහසක්ය.


පළාතක් යනු ක්‍රීඩා කණ්ඩායමක් නොවේය.නමුත් අමාත්‍යවරයා කියූ සීආර් නේම සීඑච්,හැව්ලොක්ස් මෙන්ම මෙවර ඒ කාණ්ඩයට ඒ කාණ්ඩයේ සෙසු ක්‍රීඩා කණ්ඩායම්වල විරෝධතාවය මැද ඇතුළත් කළ ශ්‍රී ලයන්ස් ද බස්නාහිර සංගමය නියේජනය කරති.මෙවර නිලවරණයට ද බස්නාහිරෙන් තේරී තරග කරන අය අතරේ ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජවල පිරිස් වෙති.පළාත් මට්ටමෙන් බලය තීරණය කරන ව්‍යවස්ථාව නවසීලන්ත ජාතික ජෙෆ් මෙතේෂන් සකස් කළ පසුව ශ්‍රී ලංකා රගර් සභාපතිත්වයට ඒ ක්‍රීඩා සමාජවල නොමැති කෙනෙක් පත් වූ අවස්ථා වාර්තා වන්නේ ද එක් වරකි.


මේ ව්‍යහුය ක්‍රීඩා සමාජවලට ඡන්ද බලය දීමේ කාර්යෙන් නොව සමස්ත රගර් කේෂ්ත්‍රය පිළිබඳව අවධානය යොමු කර තරගකාරි වටපිටාවක් නිර්මාණය කිරීමෙන් රගර් ක්‍රීඩාවේ ගුණාත්මක සහ තරගකාරී මට්ටම ඉහළ දැමිය යුතුය.පවතින ව්‍යවස්ථාවෙන් පත්වන නිල මඬුල්ලකට ලෝක සහ ආසියානු සංගමය සමග සාකච්ඡා කර පොළවේ ඇත්ත සමඟ තර්ක කර එම සංශෝධන සිඳු කිරීමට අවශ්‍යය පරිසරය සකස් කර ගැනීමට ඉඩ දිය යුතුය.


ඒ ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජවලට බොහෝ විට විශාල පහසුකම් ඇත.අඩු තක්සේරු බද්දකට විශාල මුදලක් ඉපැයිය හැකි මාර්ග ඇත.ඒත් වසරකට පාසල් මට්ටමේ ක්‍රීඩා කර එළියට පැමිණෙන සියලු ක්‍රීඩකයින් යැපෙන්නේ මේ ක්‍රීඩා සමාජ කිහිපය තුළ නොවේය.ඇතැමෙක් දරාගෙන සිටින්නේ මේ පළාත් සංගම්වල තිබෙන කුඩා ක්‍රීඩා සමාජයක්ය.බී හෝ වෙනත් තරග වැදීම් හරහා නඩත්තු කරන ජීවියා උසස් මට්ටමට පැමිණි මොහොතක ඒ කාණ්ඩයට ක්‍රීඩා කරන්නට ඒ ක්‍රීඩා සමාජයකින් කැඳවීම් ලැබෙන්නේය.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ සම්පූර්ණ අවධානය ඒ ක්‍රීඩා සමාජ මත රඳවන පිරිස් ඒ වෙනුවෙන් පැළ රකින වර්ධනය කරන පැල තවාන් නොසළකා හැරීමේ තත්ත්වය සම්පූර්ණයෙන් නොසළකා හැර ඇත.ලංකාවේ ඡන්ද බලයක් හිමි කර දිය යුතු තත්ත්වයේ වගකීමක් පළාත් සංගම්වලට පසුව ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය දරන බවත්,ඒවාට නිලවරණවලදී යම් බලයක් දීම වැදගත් බවත් පෞද්ගලිකව මේ ලියුම්කරුට හැඟෙයි.ඒ ක්‍රීඩා සමාජ යනු සුවඳ සහ පිරුණු මල් නෙලාගෙන සිය පුදසුනේ තබා ගන්නා කොටසක්ය.දැන් අමතක කරමින් ව්‍යවස්තාවෙන්ම අමතක කර දමන්න හදන්නේ මල් ඒ තත්ත්වයට ගෙනෙන කොටසය.එසේ වුවහොත්නම් ක්‍රීඩාව වල පල්ලට වැටෙනු ඇත.මන්ද ඉහළට ගෙන ඒමේ ක්‍රමවේදය සහ දක්ෂයන් නඩත්තු වන සහ ක්‍රීඩාවේ රඳවා ගන්නා ව්‍යහුය හැකිලී අකර්මන්‍ය වන බැවිනි.


වසර ගණනකින් විශාල වරදක් කර ඊට දඩය රගර් සංවර්ධනයට ජාත්‍යන්තරයෙන් එන මුදලින් ගෙවීමට තීරණය කළ පාලකයන්ට එරෙහිව කිසිවක් නොකළ බැවින් අද ඔවුන් වක්‍රාකාරව අමාත්‍යතුමා ද පාලනය කරමින් තමන්ගේ අතට රගර් පාලනය කිරීමේ බලය ලබා ගැනීම සඳහා එක පසක් උලුප්පා පෙන්වා,ක්‍රීඩාවේ පැවත්ම සඳහා බීම රැකෙන ක්‍රම සම්පූර්ණයෙන් වසා දමා ඇත.


සමහර ප්‍රධාන පාසල් මේ මොහොතේත් පළාත් සංගම් විසින් දක්ෂතා හඳුනාගෙන ලබා දුන් බෝලෙන් දෙකෙන් රගර් ගසා දැක් වූ දස්කම් දැක ගමෙන් කණ්ඩායම් පිටින් රැඟෙන ආ ක්‍රීඩකයන්ගෙන් දස්කම් දක්වමින් සිටියි.අප ඒ ක්‍රීඩකයින් දෙස බලා සිටිනු විනා ඔවුන් තැණුන ආකාරය ගම් බිම් කොහේද කියා දන්නේ නැත.ඒ අය ආයෙත් රගර් දමා ගමට යන්නේ නැතුව ප්‍රධාන ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරන මට්ටමට එන තෙක් රැකගන්න වෙන්නේ පළාත් සංගම්වලට අයත් කුඩා ක්‍රීඩා සමාජයකටය.අමාත්‍යවරයා අසන ඊස්ට් කිව්වම කවුද දන්නෙ කියන කාරණය අපේ සොයා නොබැලීමේ වරදක් වන්නේ එතැනදීය.අප අතින් ඒ වරද සිඳු වුවාට වඩා ක්‍රීඩා අමාත්‍යවරයා අතින් එවැනි ප්‍රශ්නයක් මතුවන තරමට බිම් මට්ටම සැළකිල්ලෙන් ගැලවී තිබීම ගැටළුවක්ය.


මේ පළාත් සංගම්වලට අයත් ඒ ක්‍රීඩා සමාජ මෙන්ම කුඩා ක්‍රීඩා සමාජ ද අවධානයට ලක් විය යුතුය.මේ සැකිල්ල සමස්ත දක්ෂතාවයේ පැවත්ම තීරණය කරන සාධකය වන්නේය.මේ තරම් අවහිර වෙමින් වුව ද ලෝක ශ්‍රේණිගත කිරීම්වල ආසියාවේ රගර් සභාපතිවරයාගේ කණ්ඩායම තවමත් සිටින්නේ 48 වන තැනය.ආසියාවේනම් පස්වන තැනය.ඔහුටවත්,ඔහු සමඟ එක් වී ශ්‍රී ලංකාවේ රගර් ඊට පහළින් තබා තමන්ට අහිමි වී ගිය තැන් ලබා ගැනීම සඳහා උපන් රටේ රගර් ක්‍රීඩාවට බැටේ දෙන්න බලන අයට ද දැන් ශ්‍රී ලංකාවේ රගර්වලට සමීප වන්නට පහසුය.ඒ නිසා අවශ්‍යය පොළව ඒ වෙනුවෙන් සකස් කර දක්ෂයන් නෙලා ගන්නා පිරිස ඉතුරු කර,දක්ෂයන් හැඳෙන ගස් සහිත වැඩ පිළිවෙල උඳුරා දමන්නට අමාත්‍යවරයාට ද වචන දී ඇත.


මේ වැඩේ මුල නාමල්ලාය.ඒ කඳවුර හැර වෙන කඳවුරුවලට එක වෙන්න දෙන්නේ නැත.හොඳම කාලය අපේ කියා කියන්නට එය ඡන්දය කඩා ගන්නා කෙකි කිරීම ඔවුන්ගේ සැළසුමය.ඒවා පංතිමය අර්ථයෙන් ගත් විට පංතියේ බලය වැඩි කර ගැනීම වෙනුවෙන් මලික් සමරවික්‍රම වැන්නන්ද ඒ ක්‍රීඩා සමාජ වෙනුවෙන් වැඩි වරප්‍රසාද දිනා ගැනීමට සැළසුම් සකස් කරන්නේය.තවත් ආකාරයකට මේ කාරණය ගැන ඇමතිවරයා අසන අතාර්කික ප්‍රශ්නයට පිටින් බැලූ විට ඇතැමෙක් කියන්නේ ජනාධිපති අනුර සහ මලික්ගේ මිත්‍රත්වය මිස මේ ගැන හරියට නොදන්නා ඇමතිවරයාට කරුණු දැක්වීම පලක් නැති බවය.අපි විශ්වාස නොකරන බියකරු දේශපාලන සෙල්ලම් ක්‍රීඩාව නොව වෙනත් ඕනැම කේෂ්ත්‍රයක පුළුල් ජයග්‍රහණ වැළක්වීමට හරහට වැටී තිබෙන්නට හැකියි.සමහර විට අමාත්‍යවරයා සීආර් සහ ඊස්ට් යනුවෙන් වැඩේ පටලවා ගනිමින් එක සමාන නොවන ක්‍රියාකාරකම් දෙකක් පටලවා ඉදිරිපත් කරන්නේ ද ඒ අනුව වන්නට බැරි නැත.


මේ ආකාරයට ගමට හීන දුන්න ආණ්ඩුවක් තඹුත්තේගමට වැඩි බලයක් සහිත දුම්රිය පොළක් දීමේ අදහස භාණ්ඩ ප්‍රවාහනය පමණක්නම් කම් නැත.එහෙත් එම දුම්රියෙන් නැඟ කොළඹ පැමිණ පදක්කම් රැඟෙන ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද එහි සිටියේය.ඉදිරි දවසක රගර් කණ්ඩායමක් ද තඹුත්තේගමෙන් කොළඹ එද්දී සජිත් දුන් බසයේ ඒමට වඩා තඹුත්තේගමට ලැබෙන දුම්රිය පහසුකම භුක්ති විද ආසන වෙන් කරවාගෙන පැමිණීම පහසු වනු ඇත.එහෙත් ඒ බලය තහවුරු කරන සහ විකාශය කෙරෙන පළාත් සංගම් හකුලා දමන්නේනම්,තඹුත්තේගමින් ප්‍රයෝජනයට ගන්නට තිබුණු රගර් ඇඟවල්, හැදෙන දුම්රිය පොළේ එළවළු පටවනු ඇත.කියන දේශපාලන කතා ඇත්තනම් එම එළවළු ප්‍රවාහනය සමහර විට මලික් සමරවික්‍රමගේ සමාගමකින් කළමණාකරනය කළහොත් තඹුත්තේගමින්ම පමණක් තරුණයින් බඩු පටවා ගැනීම සඳහා යොදා ගන්නා ලෙස ඇතිවන දේශපාලන එකඟතාවයක් මිස තඹුත්තේගම දෙස රගර් නොබලනු ඇත.


රගර් ක්‍රීඩාවේ දියුණුව සඳහා ඒ කාණ්ඩය යන්න අස්ථාවරව පැවතිය යුුතුය.එය හැම විටම කණ්ඩායම් අටකට සීමා විය යුතුය.ගියවර සූර ශ්‍රී ලයන්ස් මෙවර විශාල වෙහෙසක් දරා ඒ කණ්ඩයට ආව ද ඒ කාණ්ඩයේ සිටි කණ්ඩායමක් බි කාණ්ඩයට ගියේ නැත.ඇත්තටම සිඳු විය යුත්තේ ඒ කණ්ඩායමක් බී දක්වා පසුපසට ගැනීමය.ක්‍රීඩාව ගුණාත්මක මට්ටමෙන් ඉහළින් තබා ගැනීමට කළ යුතු හොඳම දේ ඒ ක්‍රීඩා සමාජ වැඩි කිරීම නොවේය.ඒ මට්ටම සීමාවක තබා ගෙන ඒ සඳහා සුදුසු වන්නට පහතට ඉලක්කයක් ලබා දීමය.මේ තත්ත්වය දැනට රගර් සටනේ සිටින පාර්ශව දෙකම යෝජනා නොකරන එකකි.


ඒ නිසා ඒ යනුවෙන් ක්‍රීඩා සමාජයකට ඡන්දයක් හිමි වන්නේනම් සෑම පළාත් සංගමයකටම ඡන්ද තුනක් හෝ දෙකක් හිමි විය යුතුය.ඒ ක්‍රීඩා සමාජයකට හිමිවන ඡන්දය නිශ්චිත සහ ස්ථීර එකක් නොවිය යුතුය.තරගාවලියේ ඒ කණ්ඩයේ සිටින කණ්ඩායමක් ලෙස ක්‍රීඩා සමාජය ඒ මොහොතේ පවතින්නේනම් එම ඡන්දයට හිමිකම් ලැබිය හැකි අතර සමහර විට පළාත් සංගමයක බලය ද ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජයකට හිමි වුවහොත් ක්‍රීඩා සමාජයේ නමින්ම නොවුණත්,පළාත් සංගමයේ නමින් හෝ ඒ කාණ්ඩයේ කීඩා සමාජයකටම ඡන්දයක් හිමි විය හැකිය.


ඒ නිසා ලෝකය හෝ කළාපීය බලවතා කී ලෙසම ශ්‍රී ලංකාවේ අධිකරණයත් නොසළකා රෙදි නැතුව දුවන අධ්‍යක්ෂ ජෙනරාල්ගේ රෝගය අමාත්‍යවරයා බෝ කර ගත යුතු නැත.ඒ රෝගයට ගොදුරු වූ අමාත්‍යවරු නොවන්නට අද අපට ශ්‍රී ලංකාවේ රගර් ගැන කතා කරන්නට ආසියානු පදක්කම්ලාභී වූ ඉතිහාසයක් ද ඉතිරිව තිබෙන්නට තිබිණ.ඇත්ත එයය.දැකට පවතින ව්‍යහුය දුර්වල නොකර ඒ ක්‍රීඩා සමාජයකට නිලවරණයකදී ඡන්ද බලයක් හිමි විය යුතුනම් එය ඒ මොහොතේ ඒ කාණ්ඩයේ සිටින කණ්ඩායමකට ගැලපෙන සේ ක්‍රීඩා සමාජ ස්ථිර ලෙස නම් නොකර අවිනිශ්චිතව තැබිය යුතුය.හැම මොහොතේම ඒ සහ බී ලෙස පවතින තරග කාණ්ඩ වෙනස් විය හැකි පරිදි චංචලව තබා ගැනීම වැදගත්ය.ක්‍රිඩාව වලපල්ලට නොයා පොළවේ ජයග්‍රාහීව සහ තරගකාරීව ක්‍රියාත්මක වන්නේ එවිටය.


මේ සියල්ල වෙනස් කර ගැනීමේ බලය පවතින ව්‍යවස්ථාවට අනුව කරගෙන යාම සඳහා නිලවරණය පවත්වා බලයට එන පිරිසට අමාත්‍යංශයේ සහය දිය යුතුය.පහසුකම් සැපයීමට මැදිහත්වීමේ වරදක් නැත.ලෝක සම්මේලනය හෝ ආසියාතික කළාපීය බලවතුන් රටේ ඇමතිවරුන් හරහා තමන්ට අවශ්‍යය පරිදි රටක රගර් හසුරුවන්නට යාම විශාල වැරද්දක් වන අතර යම් කිසි ආකාරයකින් රටක එම ක්‍රිඩාවේ යම් පරිපාලනමය අර්බූදයක් ඇත්නම් එම වගකීම පැවරිය යුත්තේ එරට ජාතික ඔලිම්පික් කමිටුවටය.දේශපාලන බලවතාගේ මැදිහත්වීමෙන් ක්‍රීඩාවේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට ජාත්‍යන්තරයට රටක තිබෙන එම ක්‍රීඩාවේ ක්‍රීඩාමය ව්‍යහුය නොසළකා වැඩ කිරීමට නොහැකිය.එය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ප්‍රතිපත්තිමය කාරණා නොසළකා හැරීමක්ය.


එම අත්දැකීම වරක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව අත් විඳ ඇත.රටේ දේශපාලකයා සහ ආසියාතික බලවතාගේ උවමනාවට පත් කළ කමිටුව ජාතික ඔලිම්පික් කමිටුව පිළි නොගත් අතර ඒ නිසා ආසියාතික රගර් බලවතාට අවවාද කර ඔවුන් විසින් ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් සකස් කළ තරග කාල සටහන වෙනස් කර ශ්‍රී ලංකාව ආසියාතික ඔලිම්පික් කමිටුවේ ධජය යටතේ ඇතුළත් කර ගන්නට ආසියානු රගර් පාලකයන්ට සිඳු විය.


එහෙත් නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍ය ධූරයට පැමිණි මොහොතේ සිටම ලංකාවේ රගර් ක්‍රීඩාව දේශපාලකයා විසින් පවතින ව්‍යවස්ථාව යටතේ කරගෙන යන්නට දෙන්නේ නැත.එයට අත පොවන්නේය.ඒ ක්‍රීඩා සමාජ මතින් සහ එයට එකතුවන ආසියානු බලපෑම හරහා ලංකාවේ රගර් ව්‍යහුය බහුතරයේ කැමත්ත නොසළකා හැර වැඩ සිද්ධ කරන්නේය.පළාත් සංගමයක් යනු එක ක්‍රීඩා සමාජයක් නොවන අතර ඒ කණ්ඩායම් ද ඇතුළුව විශාල කණ්ඩායම් ප්‍රමාණයක නියෝජනයක්ය.එම ඇත්ත තේරුම් ගත් විට ඒ ක්‍රීඩා සමාජ යනු මෙරට දක්ෂයන් ඒකරාශි වී සිටින ස්ථාන මිස දක්ෂයන් උපදවන වැඩ පිළිවෙලේ ගර්භාෂය නොවන බව පැහැදිළි කර ගැනීමට හැකිය.


දශකයකටත් වැඩි කාලයක් අකුරු වැය කරමින් ලියන වචන අපරාධයක් වන තරමට කළකිරී ඇත.රටට අපකීර්තිය ගෙනා විදේශිකයන්ව ක්‍රිඩා කිරීමේ සිඳුවීමට අදාළ පිරිසට කිසිඳු දඬුවමක් ලබා දී නැත.අද ඔවුන් ආසියාව සමග හිටගෙන ඇමතිවරුන්ව හසුරුවන මට්ටමට බලවත් වී ඇත.තවමත් ඒ ගැන කිසිඳු අදහසක් වත්මන් ඇමතිවරයා ද කියා නැත.ඒ වරදට දඬුවම් කිරීම,වරදට ගෙවන්නට වූ දඩය ශ්‍රී ලංකාවට ලැබෙන සංවර්ධන ආධාරවලින් ගෙවීම වැනි කාරණය නිසා ශ්‍රී ලංකාවේ රගර් ව්‍යාප්තියේ වර්ධනයට සිදු වූ අලාභයට වගකීමද නොසළකා හැර ඇත.


ඒ වෙනුවට ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වූ විට ඊට එරෙහිව සටන් කළ පුද්ගලයා වූ හිටපු සභාපතිවරයාව හමුවීමවත් මේ දක්වා වන කිසිඳු ක්‍රිඩා ඇමතිවරයෙක් සිඳු කර නැත.ඔහුට චෝදනා පත්‍රයක් ඉදිරිපත් නොකිරීම,ඔහුගෙන් තහනමට හේතුව ලෙස කට උත්තරයක් හෝ නොගැනීම වැනි කාරණා ගණනාවක් නිසා සිඳු වූ අසාධාරණයට හේතු වූයේ රටේ රගර් හී ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කිරීම වුව ද,අඩුම තරමේ වුණේ කුමක්දැයි අසන්නටවත් ක්‍රීඩා ඇමතිවරයෙක් ඔහුව කැඳවා නැත.එහෙත් මේ රටේ වරදක් කළ බවට දඩුවම් කළ බවට දඩ ගැසූ පවට සහතික ඇති අය සමඟ සාකච්ඡා කිරීම,ඡායාරූප ගැනීම අමාත්‍යවරු කිසිඳු හිරිකිතයක් නැතුව සිඳු කරගෙන යනු ලබන්නේය.


ඒ යනු රගර්වල වංශවත් කුලයක්ය.එය ස්ථිරව පවත්වා ගනිමින් ඒ වටේ අලුත් ගස් වැවී ඒවායේ උස ඉක්මවා යාම වැළක්වීම ද ඒ වංශවත් බවේ එක උපක්‍රමයක්ය.ඔවුන්ට අවශ්‍යය වන්නේ පෙර පැවති වංශවත් අය දුටුවිට පාරෙන් ඉවත් වී කානුවට බසින පුද්ගලයින් සේ සෙසු කීඩා සමාජ සහ තම ක්‍රීඩා සමාජ අතර පරතරය පවත්වා ගැනීමය.මේ දේශපාලනික කියවා ගැනීමට අමාත්‍යවරයා දේශපාලකයෙකු ලෙස අපට වඩා සමත් විය යුතුය.එහෙත් සිඳුවන්නේ ඒ දේ තේරුම් ගෙන නොතේරෙනවා සේ සිටීමය.


සම්ප්‍රදායිකව ඒ ක්‍රීඩා සමාජ ලෙස පිරිසක් පැවතිය යුතු නැත.තරග රටාවම ඒ සඳහා සුදුසුකම් ලැබෙන බී කණ්ඩායමක් ලෙස සහ බී වලින් ඒ කොටසට යන කණ්ඩායමක් ලෙස සකස් විය යුතුය.මේවා එඩිතර තීරණ විය යුතු අතර හැමදාම වංශවතුන්ගේ ක්‍රීඩා සමාජවල ශබ්දයට කන්වල ඇඟිළි ගසා ගන්නට හුරු වී සිටිය යුතුයි කියා අනෙකුත් ක්‍රීඩා සමාජවලට වැඩවසම් අදහසක් ඇති කිරීම වෙනුවට තර්ක කිරීමට තරග කිරීමට ශක්තියක් මඟ පෙන්වීමක් වසර 76 ක දේශපාලනය වෙනස් කිරීමේ ක්‍රියාවලිය තුළ වඩාත් පැහැදිළිව සිඳුවිය යුතුව ඇත.


රටේ පාළකයන් බිහි වීම වෙනස්වීමට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණු ව්‍යහුය බලපෑ බව අප පිළිගත යුතුය.එයින් යම් පංතියක් ආරක්ෂා වීමට සහ නායකත්වයට ඒමට පමණක් හැකි අන්දමේ කොන්දේසියක් තිබුණානම් තඹුත්තේගමින් නායකයෙකු නො‘එනු ඇත.ඒ නිසා ඒ නායකයා යටතේ බලය තිබෙන ආණ්ඩුවක් දේශපාලනිකව කල්පනා කළ යුත්තේ ඒ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදීව යම් පිරිසක් විසින් අත්පත් කරගෙන සිටින බහුතරයකට හැකියාව මත බලයට දායකවීමට ඉඩ නැති ව්‍යහුයන් සහිත ක්‍රම වෙනස් කර ඒවා වඩා විවෘත කර දීමය.මේ දේශපාලනික අදහස සහ බලය හිමිවීමේ අරුත තේරුම් ගත හැකිනම් රගර් හාමුලා සහ බේබිලා යටතේ පාලනය වන කිසිඳා ඒ නොවන ක්‍රීඩා සමාජයකට බලයට ඒමට නොහැකි වන පරිදි ව්‍යස්ථාවක් හදන්නට ක්‍රීඩා අමාත්‍යවරයා හෝ මේ රජය කටයුතු නොකරනු ඇත.


අපිට ඔය හාමුලා එක්ක බැහැ වගෙ පැරන්නන් සිතූ ලෙස සිතන සම්ප්‍රදායෙන් මිදී ක්‍රීඩා අමාත්‍යවරයා ට අනාගතයේ තඹුත්තේගමින් රගර් පාලකයෙකුද බිහිවන සේ ක්‍රීඩාවේ බලය විමධ්‍යගත කිරීමේ අවශ්‍යයතාවය තේරුම් ගැනීමට හැකියාව ලැබෙන්නේනම් අපූරුය.නැතිනම් උන්නැහේ අතින් රගර් ක්‍රීඩාවට පමණක් නොව ජාතික ජන බලවේග රජයේ මූලික දේශපාලන කරණාවලටද අවුලක් ඇති වන්නේය.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan