බැච්, පුටින් සහ ට්‍රම්ප් මැදින් බාධකයක් තබයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 28,(LNW)කොළඹ :

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිල වශයෙන් ජාත්‍යන්තර බොක්සිං කටයුතුවලදී උමාර් ක්‍රෙම්ලව්ගේ සභාපතිත්වයෙන් යුත් ජාත්‍යන්තර බොක්සිං සමිමේලනය වෙනුවට බොරිස් වැන් ඩර් ගේ ලෝක බොක්සිං සංගමය පිළිගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.වැන් ඩර්ගේ ඇමෙරිකාව පදනම් බොක්සිං පරිපාලන ඒකකය මේ අනුව රුසියානු ජාතික උමාර් ක්‍රෙම්ලව්ගේ බොක්සිං සම්මේලනයට වඩා ජාත්‍යන්තර ඔලිම්පික් තුළ පිළිගැනීමට ලක් වෙනු ඇත.


ඒ සමඟම දෙරට රාජ්‍ය නායකයන් එක්ව තීරණ ගැනීමේ හෝ එකගවීමේ තත්ත්වයන් දකින්නට ලැබෙද්දී තෝමස් බැච් නායකත්වයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ගත් මේ තීරණය එම සබඳතා සහ සාකච්ඡාවලටත් බල පෑ හැකියි.විශේෂයෙන් උමාර් ක්‍රෙම්ලෙව් යනු රුසියානු ජනාධිපති පුටින් ගේ අතිශය සමීපතම හිතවතෙක් වන බැවින් 2028 දී පැවත්වෙන ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ දී පිළිගැනීමට පිළිගැනීමට තීරණය කර තිබෙන වැන් ඩර්ගේ බොක්සිං පරිපාලනය නිසා සිය හිතවතාට සිඳුවන හානිය ගැන ඉදිරියේදී පුටින් බොහෝ විට ට්‍රම්ප් සමඟ සාකච්ඡා කිරීමට ඉඩ තිබෙනවා.


මේ නිසා පුටින් සහ ට්‍රම්ප් එකතුව හරහා යුක්රේනය සම්බන්ධයෙන් දක්වන එකගතා ආදිය සළකා බලද්දී එම දේශපාලන සබඳතා තුළ යම් අශුද්ධබවක් පෙනෙන්නට ඇති අතර එවැනි මොහොතක තෝමස් බැච් විසින් සිය නායකත්වය තුළ ගනු ලැබූ තීරණය දෙ‘රටම යම් ආකාරයකට සසල කරනු සුළු එකක් විය හැකියි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...