ලොව ම මිරිහානක් කළ මිහිරි මිනිසුනි

Date:

සොයුර සොයුරියනි
ඇත්තටම ඔබට දැන් වෙහෙසයි.
දෑත් දෙපතුල් උරහිස්
සියොළඟ ම තැලූ සේ කකියයි.
නමුත් තව ටිකයි
අතරමඟ නතර වෙනු නාකයි.

කඳුළු වායුව දැවූ දෑසින්
නිදිමත ද වෙහෙස ද බේරෙයි.
වැසි දියෙන් තෙතබරිත සළුවෙන්
උණුසුමක් නොපිදෙයි සීතයි.
නමුත් මිතුරනි
ආපසු හැරෙනු නොයුතුයි.
මෙවන් මොහොතක්
නැවත ⁣නොඑළඹෙයි නිසැකයි.

පද්මෙ පෙනි පෙනි
නොනවතින් පුත ඇත්තයි.
අරගලය දිනනවා අපි සත්තයි.

උණක්, කැස්සක් , හෙම්බිරිස්සාවක්
රිදුමක්, තැවුමක්, දැවුමක්
නොවේවා සොඳුරු මිනිසුනි.

තුවාල, කඳුළු, දහදිය
බිය, සොව, කෝපය
වෙහෙස,කුසගින්න,පිපාසය
නිවේවා රුසිරු සියොතුනි.

ඔබ වනන මහරු කවියක්
පබැඳුමට වදන් සොයමිනි.
එතෙක් මේ දිළිඳු කව
පුදම් ඔබ පාමුල
ලොව ම මිහිරි මිරිහානක් කළ මිනිසුනි

කෞශල්‍යා ජයලත්
2022-May

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...

පා.ම. අශෝක රන්වල අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : අන්ත්‍රාදායක ලෙස...