ස්ටාමා ජනාධිපති ට්‍රම්ප් හමුවේ; සාකච්ජා අතර වෙළඳ ගනුදෙනු ඉහලින්ම

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රිතාන්‍ය අගමැති මධ්‍ය-වාම කම්කරු පක්ෂයේ හිටපු මානව හිමිකම් නීතීඥයෙකු වන ශ්‍රීමත් කියර් ස්ටාමා ඊයේ(27) දිනයේදී ධවල මන්දිරයේදී එක්සත් ජනපද ජනාධිපති අන්ත දක්ෂිනාංශික රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී ඇති බව වාර්තා වේ.

මෙහිදී ප්‍රධාන වශයෙන් යුක්රේනයේ ආරක්ෂාව, වෙළඳ සබඳතා සහ උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ (නේටෝ) අනාගතය පිළිබඳ සාකච්ඡා පවත්වා ඇත.

සාකච්ජාව ආරම්භයේදීම ස්ටාමා විසින් එක්සත් රාජධානියට පැමිණෙන ලෙස III චාල්ස් රජුගෙන් අත්සන් කරන ලද ආරාධනයක් ට්‍රම්ප් වෙත පිරිනැමූ අතර ට්‍රම්ප් වහාම එය පිළිගෙන ඇත. ට්‍රම්ප් මීට පෙර 2019 දී දිවංගත දෙවන එලිසබෙත් රැජිනගේ පාලන සමයේදී අර්ධනයක් ලබා එක්සත් රාජධානියේ සංචාරය කළ අතර එක්සත් ජනපද ජනාධිපතිවරුන් බ්‍රිතාන්‍ය රජු සමඟ රාජ්‍ය සංචාර දෙකක් පැවැත්වීම දුර්ලභය.

රාජ්‍යය නායකයන් දෙදෙනා අතර ඇති වූ සාකච්ජා අත්රා 2024 වන විට ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 148 ක වටිනාකමකින් යුත් වෙළඳ හවුල්කාරිත්වය නව ගිවිසුමක් හරහා ඉදිරියේදී තහවුරුවනු ඇත.

යුක්රේන යුද්ධය නිමා කිරීම වෙනුවෙන් රුසියානු ජනාධිපති පුටින් සමඟ සාකච්ජා ආරම්භ කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සුදානම් බවට පසුගියදා සඳහන් වූ අතර මේ සම්බන්ධයෙන් ට්‍රම්ප්ට ප්‍රශංසා කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබුණේ, ඔබ ඓතිහාසික සාම ගිවිසුමකට එළඹීමට දැවැන්ත අවස්ථාවක් නිර්මාණය කර ඇත, එය යුක්රේනයේ සහ ලොව පුරා සමරනු ඇතැයි යනුවෙනි.

එමෙන්ම දෙපාර්ශවය ගාසා යුද්ධය සම්බන්ධයෙන් ද සාකච්ජා කර තිබු අතර මෙහිදී ගාසා තිරය පවරා ගැනීමක් සම්බන්ධයෙන් බොහෝ කතාබහට ලක්වූ ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, එය දුෂ්කර අසල්වැසි ප්‍රදේශයක්වන මුත් එය ඉතා සුන්දර අසල්වැසි ප්‍රදේශයක් විය හැකි අතර, මම සිතන්නේ අපි හොඳ විසඳුම් කිහිපයක් ඉදිරිපත් කරනු ඇති බවයි යනුවෙනි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ස්ටාමා සඳහන් කර තිබුණේ, පලස්තීන ස්වෛරීභාවය පිළිගෙන සහතික කරන, රාජ්‍ය දෙකක විසඳුමක් සඳහා අප සියලුම දෙනා ස්ථිර සහයෝගයක් ලබා දිය යුතු බවයි.

අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හාස්‍ය මතු කරමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, ඔබ අපේ සාකච්ඡාවලදී විශිෂ්ටයි. කෙසේ වෙතත් ඔබ ඉතා දැඩි සාකච්ඡාකරුවෙකි. මම එයට කැමති බව මට විශ්වාස නැත යනුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...