විපක්ෂ නායක සජිත්ගේ මාධ්‍ය ප්‍රකාශක ධුරය ප්‍රසාද්ට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබේ.

ඊට අදාල පත්වීමේ ලිපිය ඊයේ (පෙබරවාරි 27) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී ඒ මහතා වෙත ලබාදී ඇත.

එම අවස්ථාව සඳහා සමගි ජන බලවේග මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද එක්ව සිටියේය.

ප්‍රසාද් සිරිවර්ධන මහතා වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපන හදාරා අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ලබා තිබේ.

වෘත්තියෙන් උසස් පෙළ භෞතික විද්‍යා ගුරුවරයෙකු වන ඔහු මේ වන විට සමගි ජන බලවේගයේ මීරිගම ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසත් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙසත් කටයුතු කරයි.

ප්‍රජාතන්ත්‍රවාදය, පාරදෘශ්‍යතාවය හා ජනතා බලය ප්‍රමුඛ කර ගනිමින් විපක්ෂයේ මතය නිවැරදිව ඉදිරිපත් කිරීමටත් ජනතාවගේ ගැටළුවලට නිසි පිළිතුරු ලබා දීමටත්, විවෘත හා නිදහස් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමටත් කැපවී කටයුතු කරන බව ඒ මහතා පත්වීම ලබා ගැනීමෙන් අනතුරුව කියා සිටි බවයි විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...