ඩොලර් මිලියන 336ක IMF සිව්වැනි වාරිකය ශ්‍රී ලංකාවට ලැබේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ඇති මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකමට අදාළ තුන්වැනි සමාලෝචනය එම අරමුදලේ විධායක මණ්ඩලය විසින් සම්පූර්ණ කර ඇති අතර ඇමරිකානු ඩොලර් මිලියන 336ක් පමණ වන මූල්‍යන පහසුකම් සඳහා ශ්‍රී ලංකාවට ක්ෂණික ප්‍රවේශයක් ලබාදී තිබේ.

මෙය IMF වැඩසටහන යටතේ මෙරටට ලැබුණු සිව්වැනි වාරිකය වන අතර මේත් සමග මෙම IMF වැඩසටහන යටතේ මෙරටට ලැබී ඇති සම්පූර්ණ මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.34ක් පමණ දක්වා ඉහළ ගොස් ඇත.

මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත් වී ඇති අතර සමාජ වියදම් මත වූ දර්ශක ඉලක්කය හැර 2024 වසරේ දෙසැම්බර් මස අවසානය සඳහා වූ අනෙකුත් සියළුම ප්‍රමාණාත්මක ඉලක්ක සපුරාගෙන ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ඔවුන් සඳහන් කරන්නේ 2025 වසරේ ජනවාරි මස අග වන විට බොහෝ ව්‍යුහාත්මක මිණුම් දඬු සපුරා ගෙන හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර හෝ ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...

බාල ඖෂධ සිද්ධිය : ලංකාවට ඖෂධ ආනයනය කෙරෙන්නේ ඇමතිවරුන් හෝ රජයන් මත නෙවෙයි – SPC සභාපති

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සිදුවන්නේ අමාත්‍යවරුන් හෝ රජයන්...