මෙවර මාර්තු අප්‍රේල් “නියඟයක් එනවා” කියන්නෙ ඇත්තද ?

Date:

ඇතැම් මාධ්‍ය වාර්තා දක්වමින් නියඟයක් පැවතිය හැකිද යන්න කිහිපදෙනෙක් විමසා තිබුනා.

ගෝලීය තත්ත්වයන් අනුව දීර්ඝ කාලීනව පැවතිය හැකි වියලි කාලගුණයක පැහැදිලි ලක්ෂණ නොමැති අතර “නියඟයක් එනවා” යයි පැවසීම දත්ත මත පදනම්වූ කරුණක් විය නොහැකියි. කෙසේ වෙතත් නව දත්ත අනුව මාර්තු අප්‍රේල් සාමාන්‍ය දේශගුණික ලක්ෂණ වෙත නැඹුරු වීමේ ස්වභාවයක් දකින්න පුළුවන්.

පසුගිය වසරවල මාර්තු අප්‍රේල් දේශගුණය මොනවගේද ?

//මාර්තු සහ අප්‍රේල් යනු ලංකාවේ පළමු අන්තර්මෝසම් කාලයයි. පසුගිය වර්ෂාපතන දත්ත විමසා බැලීමේදී වසරේ මුළු වර්ෂාපතනයෙන් 14%ක් වැනි අවම වැසි ප්‍රමාණයක් ලැබෙන කාලය ලෙස මාර්තු සහ අප්‍රේල් මාස හඳුනා ගත හැක. අන්තර් මෝසමේ සාමාන්‍ය ස්වභාවය අනුව වැසි ලැබීම බොහෝ දුරට සිදුවනුයේ මුහුදු සුළං සහ ගොඩ සුළං වගේම සංවහනය හේතුවෙනි.

වැසි ලැබීමේ ස්වභාවය නිසාම නියං තත්ව වැනි ආපදා ඇතිවීමේ අවදානමක් පවතින මාස දෙකක් විදියට වගේම අකුණු අනතුරු සහ අධික උෂ්ණත්වයන් හේතුවෙන්ද අනතුරු ආපදා ඇතිවිය හැකි නිසා මෙම මාස දෙකෙහි දේශගුණික ලක්ෂණ හඳුනා ගැනීම වඩාත් වැදගත් වෙනව.//

2015 සිට 2018 දක්වා මාර්තු සහ අප්‍රේල් මාසවල පැවති අකුණු ව්‍යාප්තිය

සම්පුර්ණ ලිපිය පහතින් කියවන්න. මිනිත්තු 5-10 ප්‍රමාණයක් වැයවිය හැකියි.

https://www.cclka.com/2022/02/first-inter-monsoon.html?fbclid=IwY2xjawIwhWZleHRuA2FlbQIxMAABHVuS6X0VnLrOWFo8xMa1Thxe4rqiMzE0VbBg_mQHYhYfd5kU9XC18I8xfg_aem_0XCbrhWYl-kKyrmDZZf1uA

~ කාලගුණය සහ දේශගුණය ෆේස්බුක් පිටුවෙනි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායිලන්තයේ දුම්රියක් මතට දොඹකරයක් කඩා වැටීමෙන් 32 දෙදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ බැංකොක් සිට...

බුද්ධශාසන ඇමති ආචාර්ය සුනිල් සෙනවි වෑවිල අබලන් වැලමිටි වංගු දෙක අසල මාර්ගය නිරීක්ෂණය කරයි

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල්...

අධ්‍යාපන අමාත්‍යංශය කළ හදිසි දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : අධ්‍යාපන අමාත්‍යංශය විසින්...