ස්ථාන 20ක් පරික්ෂා කරලා.දේශබන්දු අතුරුදහන්!

Date:

කොළඹ LNW:මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය මත හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු රැඳී සිටිය හැකි බවට විශ්වාස කරන ස්ථාන 20 ක් පරික්ෂා කර ඇති අතර එම ස්ථානවල ඔහු නොසිටි බව වාර්තා වෙයි.

දේශබන්දු තෙන්නකෝන් මහතාට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.

මාතර,වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුලු‍ 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය සිකුරාදා (28) නියෝග කළේය.

මේ සම්බන්ධයෙන් 6314 / 323 නඩු අංකය යටතේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොණු කර තිබෙන අතර මනුෂ්‍ය ඝාතනයක් සදහා කුමන්ත්‍රණය කිරීම චෝදනා යටතේ මෙම නියෝගය නිකුත් කර ඇත.

එම වෙඩි තැබීම 2023 වසරේ දෙසැම්බර් 31 සිදුව තිබුන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන නදුන් චින්තක හෙවත් හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට පැවසෙන පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී එම වෙඩි තැබීම සිදුවිය.

මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයකට සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීමක් සිදුකර තිබුණු අතර වැලිගම පොලීසියේ පොලිස් නිලධාරීන් පිරිසක් වෑන් රථයට ප්‍රති ප්‍රහාර එල්ලකර තිබුණි.

වෑන් රථයේ සිට මෙම හෝටලයට වෙඩි තැබීම සිදුකර තිබුණේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් වන අතර වැලිගම පොලීසිය සිදුකළ ප්‍රතිප්‍රහාර හමුවේ වෑන් රථයේ සිටි නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබීය.

ඔවුන් ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් නිලධාරියෙකු මිය ගිය අතර එම මරණ පරීක්ෂණයේ තීන්දුව වසරක පමණ කාලයකට පසු පසුගිය 28 වැනදා ප්‍රකාශයට පත් කෙරුණි. එහි දැක්වුණේ ප්‍රශ්නගත අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එම ස්ථානයට යොමු කිරීම නීත්‍යානුකූල නොවන බවයි.

ඒ අනුව අදාළ නිලධාරියාගේ මරණය අපරාධයක් වන හෙයින් ඊට අදාළව එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය නියෝග කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...