ජනවරම සුරකිමු – අභියෝග ජයගමු : නුගේගොඩ පොහොට්ටු සමිති මැයි රැළියේ තත්වය (Photos)

0
1853

“ජනවරම සුරකිමු – අභියෝග ජයගමු” මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති රැසක් විසින් සංවිධානය කරන ලද මැයි රැළිය මේ වනවිට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ.

ඒකාබද්ධ වෘත්තීය සමිති බලමණ්ඩලය සහ පොදුජන ප්‍රගතිශීලී වෘත්තීය සමිති සම්මේලනය එක්ව මෙම රැළිය සංවිධානය කර ඇත.

දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ ඇතුළු ආණ්ඩුවේ ජ්‍යේෂ්ඨ දේශපාලනඥයින්, කම්කරු අමාත්‍ය විදුර වික්‍රමනායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයින් සමග පොහොට්ටුවට අනුබද්ධ වෘත්තීය සමිති රැසක නායකයින් සහ නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් සහාය පළ කරමින් මෙම මැයි රැළිය පවත්වනු ලැබේ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here