මෙක්සිකෝවට, කැනඩාවට හා චීනයට එරෙහිව ට්‍රම්ප්ගේ 25%ක තීරුබදු අද සිට ක්‍රියාත්මකයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාව සහ මෙක්සිකෝව, චීනය සඳහා යෝජිත 25% තීරුබදු අද(04)සිට ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

චීන ආනයන සඳහා අතිරේක 10% තීරුබදු ද බලාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන අතර තිදෙනාම ඇමරිකාවේ ප්‍රමුඛතම වෙළඳ හවුල්කරුවන් වේ.

මේ සම්බන්ධයෙන් රටවල් තුනම එක්සත් ජනපදයට එරෙහිවද තීරුබදු ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කර ඇති අතර කැනේඩියානු විදේශ ඇමතිනි මෙලනි ජොලි සඳහන් කර තිබුණේ, කැනඩාවට වෙළඳ යුද්ධයක් අවශ්‍ය නොවන නමුත් එක්සත් ජනපදය එය ආරම්භ කළහොත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සුදානම් බවයි.

දශක ගනනාවක් නිදහස් වෙලඳාමෙන් භුක්ති විඳි උතුරු ඇමරිකාවේ සමීප සබඳතා නොතකා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් එක්සත් ජනපදයේ ප්‍රධාන දර්ශක තුනම පහත වැටි ඇති අතර ඩව් ජෝන්ස් කාර්මික සාමාන්‍යය දිනය අවසන් වූයේ 1.4%කින්, S & P 500 1.75% කින් සහ Nasdaq 2.6% කින් ලෙස පහත වැටීමෙනි.

සිය ධුරයේ දිවුරුම් දෙමින් ඇමරිකානු ජනාධිපතිවරයා ජනවාරි මස 20 වන දින සඳහන් කලේ එක්සත් ජනපදයට නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී සංක්‍රමණිකයන් වලක්වා ගැනීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් මෙක්සිකෝවට හා කැනඩාවට තීරුබදු පනවන බවත්, යුරෝපීය සංගමයට 25% තීරුබදු පැනවීමට බලාපොරොත්තුවන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනුස්සයෙකුට හොඳ ප්‍රමිතියෙන් යුතුව බත් ටිකක් කන්න ලැබිය යුතුයි කියන එක මූලික මිනිස් අයිතිවාසිකමක් – ඩඩ්ලි සිරිසේන

ඕනෑම පුද්ගලයකුට තමන් ගන්නා ආහාරය ඉහළ ප්‍රමිතියකින් යුතුව ලබාගැනීමට...

අවසානය වැස්සෙන් සේදුණු විස්සයි විස්සේ දස්කම්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ග්‍රීන්,බ්ලූ සහ ග්‍රේ ලෙස කණ්ඩායම්...

පාස්කු ප්‍රහාරය : විමල් වීරවංශ CIDයට කැඳවයි !

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව අද (15) පෙරවරුවේ අපරාධ...