වයෝවෘද්ධ කාන්තාවකට ලැබිය යුතු කිසිම පහසුකමක් CIDයෙන් ඩේසි ආච්චිට නෑ – පැමිණිල්ලක් !

Date:

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (05) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් පසු මේ වනවිට අත් අඩංගුවට ගෙන සිටින ඩේසි ෆොරස්ට් මහත්මියට වයෝවෘද්ධ පුද්ගලයකුට ලැබිය යුතු කිසිදු පහසුකමක් ලබානොදීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ සාමාජිකයින් පැමිණිල්ලක් ගොනුකිරීමට සූදානම් වන බව වාර්තා වේ.

වයස අවුරුදු 97ක් වන, යම් යම් අසනීප තත්වයන්ගෙන් පෙළෙන ඩේසි ෆොරස්ට් මහත්මියට අද උදෑසන 09.00 සිට ආහාර ලබාගැනීමට අවස්ථාව ලබාදී නොමැති අතර ඇයව රැක බලාගන්නා හෙදියට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළු වීමට අවස්ථාව ලබාදී නොමැති බවයි රාජපක්ෂ පවුලේ සාමාජිකයින් පවසන්නේ. එමෙන්ම ඇයට ඇගේ රෝද පුටුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යාමට ද ඉඩදී නොමැති බව සඳහන්.

ඒ අනුව, ඩේසි ආච්චිගේ ජීවිතයට අවදානමක් පවතින බව පවසමින් රාජපක්ෂ පවුලේ සාමාජිකයින් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව මානව හිමිකම් කොමිසම ඇතුළු අදාළ ආයතනවලට පැමිණිලි කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුමාත්‍රා හි භූ කම්පනයක්: ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උදෑසන 10.26ට පම...

සෙනසුරාදත් උසස් පෙළ විභාගය අවලංගුයි – විභාගය පැවැත්වෙන දින මෙන්න!

කොළඹ LNW: සෙරසුරාද දිනයේද (29) අපොස උසස් පෙළ විභාගය...

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කරයි!

කොළඹ LNW: ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ...

චීනය සමඟ වන ආරවුල් අවසන් කර ගන්නා ලෙස ජනාධිපති ට්‍රම්ප් ජපානයේ නව අගමැතිවරියගෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 27: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනය...