චීන-ඇමරිකා අන්‍යෝන්‍ය ගරුත්වය දෙරට සබඳතාවන්ට වැදගත් පදනමක්- චීනය

කොළඹ LNW:14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරයට සමගාමීව අද (07) පැවති චීන රාජ්‍යතන්ත්‍රය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට චීන විදේශ ඇමති වං යී මහතා එක්වුණා. චීන රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති හා විදේශ සබඳතා පිළිබඳව වං යී මහතා එහිදී දෙස් විදෙස් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දී තිබෙනවා.

එහිදී චීන ඇමරිකා සබඳතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් වං යී මහතා පැවසුවේ අන්‍යෝන්‍ය වශයෙන් ගරුකිරීම, දෙරටේ සබඳතාවට වැදගත් පදනමක් බවයි. ගෙවුණු වසර කිහිපය තුළ තීරු බදු යුද්ධ හා වෙළඳ යුද්ධ ඔස්සේ කිසිවක් ලැබී නොමැති අතර එය ඇමරිකාව අවබෝධ කර ගත යුතු බවයි ඔහු පැවසුවේ.

එවන් තීරු බදු යුද්ධ හා වෙළඳ යුද්ධ මගින් ඇමරිකාව සිය වෙළඳ අතිරික්තය, නිෂ්පාදන කර්මාන්ත තරඟකාරීත්වය, උද්ධමනය හා ජන ජීවිතය ඇතුළු ක්ෂේත්‍රවල ධනාත්මක වෙනස්කමකම් සිදුව තිබේ දැයි සොයා බැලිය යුතු බව ද වං යී මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

දිනූ ෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...