” පීඩනය එලෙසමයි ! වෙනසක් ඕනමයි ! ” – නිදහස උදෙසා කාන්තාවෝ ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි! (PHOTO STORY)

Date:

කොළඹ LNW:අදට (08) යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව නිදහස් උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් කාන්තා දින සැමරුමක් සංවිධානය කර තිබුණි.

ලිප්ටන් වටරවුම අසලින් පාගමනින් පැමිණ කොළඹ නව නගර ශාලාවේදී එම සැමරුම සිදුකරන ලදී.

”පීඩනය එලෙසමයි! වෙනසක් ඕනමයි!” යන මැයෙනුයි එය සංවිධානය කර තිබුණේ.

කාන්තාව මුහුණ දෙන පීඩනයට එරෙහිව කාන්තා විමුක්තිය උදාකරගත හැක්කේ සමස්ත සමාජයේම සම්පූර්ණ ක්‍රම වෙනසකින් වන හෙයින් රටේ වාමාංශික ව්‍යාපාරය එම සටන ඉදිරියට ගත යුතු බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අවධාරණය කරයි.

” අද අපි සමරන්නේ 114 වෙනි ජාත්‍යන්තර කාන්තා දිනය. මේ ගතවෙන්නේ රට නව දේශපාලන වෙනසකට අවතීර්ණ වුණ වෙලාවක්. ජනතාව තවමත් බලාපොරොත්තු තියාගෙන ඒ වෙනස දිහා බලාගෙන ඉන්නේ. එහෙම වෙලාවක ඇයි අපි පීඩනය එළෙසමයි වෙනසක් ඕනෙමයි කියන තේමාවෙන් ඔබ හමුවට එන්නේ ?

ස්ත්‍රී අයිතිවාසිකම් ගැන සමාජයේ බරපතළ සාකච්ඡා පැවතියද බහුතරයකට ස්ත්‍රී ප්‍රශ්ණයේ ඇත්ත මූලය හසු වී නොමැති බවද ඔවුහු පවසති.

”හැමෝම ප්‍රශ්නය මතුපිටින් අතගානවා විතරයි. මොකක් ද අපිට මේ මගහැරුණු නැත්තං හිතාමතාම සමාජයම අතහැර දැමූ ස්ත්‍රී පීඩාව? ගොඩක් අය කියනවා කාන්තාවට විශේෂ වෙච්ච පීඩාවක් නෑ කියලා. හැබැයි අපි විශ්වාසයෙන් කියනවා කාන්තාවට විශේෂ වෙච්ච පීඩාවක් සමස්ත සමාජයේම තියනවා. ඒ පීඩනයේ ආරම්භය පවුල. අද කාන්තාව හදුනාගන්නේ පිරිමියාගේ නමින් ” පෙරේරාගේ පවුල, සිල්වගේ පවුල ” මෙහෙම තමයි කාන්තාව හඳුන්වා දෙන්නේ. හැම කාන්තාවකගේම සැබෑ අනන්‍යතාව යට ගහලා පුරුෂ මූලික සමාජය විසින් කාන්තාවට ලබා දෙනවා වෙනමම අනන්‍යතාවයක්. අද ගැහැණියත් බයයි මේ අනන්‍යතාවෙන් පිට පනින්න. ඇයි අපිට බැරි කට ඇරල කියන්න මාව මගේ නමින් අමතන්න. මට මටම වූ අනන්‍යතාවක් තියනවා කියලා.”

ඒ අනුව රටේ වැඩ කරන සියලු ජනතාවට, රාජ්‍යය සහ පෞද්ගලික අංශයේ සැමට, සියලු දේශපාලන පක්ෂවලට වෙනසක් සඳහා වන අරගලයත් සමඟ එක්වන ලෙස ඔවුහු ආරාධනා කරති.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...