තීරණාත්මක පාර්ලිමේන්තු සතිය වෙනුවෙන් අද දේශපාලන පිටිය උණුසුම්

Date:

හෙට දිනයේදී පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතය. ඊයේ දිනයේදී මාධ්‍ය වාර්තා කර තිබුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අගමැති ධුරයෙන් ඉල්ල අස්වීමට සූදානම්ව සිටින බවයි.

කෙසේ නමුත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ විශේෂ ප්‍රකාශයක් සඳහා මහින්ද රාජපක්ෂ මහතා කතානායකවරයාගෙන් මෙතෙක් අවසර ඉල්ලා නොමැති බවයි.

හෙට පාර්ලිමේන්තුවේදී, රජයට එරෙහිව විස්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය සූදානමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන් අවසන් සාකච්ඡා සඳහා සජබ මන්ත්‍රී කණ්ඩායම අද රැස්වීමට නියමිතව තිබේ. එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසන්නේ විස්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීන්දු තීරණ එම සාකච්ඡාවේදී ගන්නා බවයි.

මේ අතර ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන පක්ෂ 11 කණ්ඩායමේ නියෝජිතයන් හා සමගි ජන බලවේගය අතර හමුවක්ද අද පැවැත්වීමට නියමිතය. මෙම හමුව අද පෙරවරුවේ කොළඹදී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

පවතින අර්බුදයට විසඳුමක් ලෙස කෙටි කාලයක් සඳහා ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පක්ෂ 11 කණ්ඩායම යෝජනා කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය දැනුවත් කිරීම මෙම හමුවේ අරමුණයි. පක්ෂ 11 කණ්ඩායම ඊයේ පොදුජන පෙරමුණ සමගද සාකච්ඡා කළ අතර ජාතික එකඟතා ආණ්ඩුවක් සඳහා එම පක්ෂය ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවය පළකර තිබෙනවා.

මේ අතර නියෝජ්‍ය කතානායක ධුරය සම්බන්ධයෙන්ද මේ වනවිට කතාබහට ලක්ව තිබේ. පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් ඒ සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ නම යෝජනා වී ඇති අතර කෙසේ නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. සමගි ජන බලවේගයෙන්ද ඊට නම් කිහිපයක් යෝජනා වී ඇති නමුත් මේ දක්වා අවසන් තීන්දුවක් ගෙන නොමැත. අද පැවැත්වෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒ පිළිබඳවද සාකච්ඡා වනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල් රිමාන්ඩ් !!

අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කළ පැමිණිල්ලට ඇරැඹි විමර්ශනයේ සවිස්තරාත්මක පැතිකඩ!

කොළඹ (LNW): රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න...

සුදාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා CIDයට පැමිණිල්ලක්

රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේදී අත්අඩංගුවට ගෙන දින...

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...