වසර 35කට පසු පණ ගැන්වුණු ඔඩ්ඩුසුඩාන් උළු කර්මාන්ත ශාලාව!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 08, කොළඹ (LNW):

මේ වන වි උතුරු පළාත සංවර්ධනය කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුව තිබෙන බව සඳහන් වේ.

මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදිය හැකි උතුරු පළාතේ දැනට අක්‍රියව ඇති රජය සතු කර්මාන්තශාලා යළි සක්‍රිය තත්ත්වයට පත් කිරීමට රජය නව සැලසුම් සකස් කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව, උතුරු පළාතේ නව කර්මාන්තපුරයක් ආරම්භ කිරීම පිළිබඳව ද අවධානය යොමුව ඇත. ඒ පිළිබඳ සැලසුම් සකස් කිරීම මෙන්ම උතුරු පළාතේ කර්මාන්ත ශාලා ආරම්භ කිරීමේදී පවතින ගැටලු පිළිබඳ සොයා බැලීමට අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාද එම පළාතේ සංචාරයකට එක් විය.

තවද, අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, නියෝජ්‍ය අමත්‍ය හර්ෂණ සූරියපෙරුම මහතාද මෙම සංචාරයට එක්ව සිටි බවද වාර්තා වේ.එහිදී, අක්‍රීයව පැවති ඔඩ්ඩුසුඩාන් උළු කර්මාන්ත ශාලාව යළි පණගැන්වීමට හැකියාව ලැබී ඇති අතර පෙරේදා දිනයේ දී (07)නිෂ්පාදන ක්‍රියාවලිය ද ආරම්භ කෙරුණු බව වාර්තා වේ.

මෙම කර්මාන්ත ශාලාව යළි ආරම්භ කෙරුණේ වසර 35කට පසුව වන අතර, මේ තුළින් නව රැකියා අවස්ථා රැසක් ප්‍රදේශයේ ජනතාව වෙත ලබාදීමට අවස්ථාව උදාවන බව රජය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තරගාවලිය සම වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 25, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව...

ශ්‍රී දළදා මාලිගාව පවත්වාගෙන යන්න දවසට රුපියල් ලක්ෂ 50ක් ඕනෑ – දියවඩන නිලමේ

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ශ්‍රී දළදා මාලිගාව පවත්වාගෙන යාමට...

අද වනවිට රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමට ජනාධිපතිතුමා විශාල උත්සාහයක් දරන බව පේනවා – මුජිබර්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර පැවසූ...

දිනපු කෙනෙක් නැහැ-පැරදුන කෙනෙකුත් නැහැ

නිශ්මං රණසිංහ ජනවාරි 25, කොළඹ LNW චැම්පියන් ලීග් ජාතික පාපන්දු...