යුක්‍රේනයට රුසියාවෙන් අඛණ්ඩ ප්‍රහාර!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 09,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

රුසියාව විසින් යුක්‍රේනය ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයන්ගෙන් මියගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් ඇති අතර, රුසියාව හා යුක්‍රේනය අතර සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව මැදිහත්වීමෙන් කටයුතු කරන පසුබිමක මෙසේ රුසියාව යුක්‍රේනය ඉලක්ක කර එල්ල කරන ප්‍රහාරයන් ඉහළ දමා ඇත.

ඊයේ (08) දිනයේදී යුක්‍රේනයේ ප්‍රදේශ රැසක් වෙත රුසියාව ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර, ඩොනෙට්ස්ක් ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයන්ගෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි යුක්‍රේන බලධාරීන් සඳහන් කරයි.

එමෙන්ම කාකයිව් හා ඔඩේසා යන ප්‍රාන්තයන්ට එල්ල වූ ප්‍රහාරයන්ගෙන් නිවාස හා යටිතල පහසුකම් රැසක් විනාශ වී ඇති බවද සඳහන් වන අතර, ඇමෙරිකාව හා යුක්‍රේනය අතර ඇතිවූ මත ගැටුම් හේතුවෙන් පසුගිය සතියේ සිට ඇමෙරිකාව යුක්‍රේනයට ලබා දෙන යුද ආධාර හා බුද්ධි තොරතුරු අත්හිටවනු ලැබූ බවද විදෙස් මාධ්‍ය වර්තා කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...

මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද (05) සිට බලාත්මකයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශය විශේෂ...

කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...

ආර්ථික සංවර්ධනයට අලුත් මාවතක් – ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයෙන් තෙයාකාර වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා...