*
Monday, March 10, 2025
spot_img

Latest Posts

ඓතිහාසික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අගමැති අද පාර්ලිමේන්තුවේදී කියයි!

කොළඹ LNW:අප බලාපොරොත්තු වෙන සමාජ,දේශපාලන,ආර්ථික පරිවර්තනය කළ හැක්කේ අධ්‍යාපන පරිවර්තනයක් තුළින් වන හෙයින් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර මෙවර අයවැය සකස් කර තිබෙන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය අද (10) පාර්ලිමෙන්තුවෙව්දී අවධාරණය කළාය.

ඒ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කුළුණු පහකින් රජය මැදිහත්වන බවයි ඇය පැවසුවේ.

”මෙතෙක් කල් අධ්‍යාපනයට වෙන්වුණු මුදලට වඩා විශාල මුදලක් වැඩිකරලා තියෙනවා, බිලියන 619ක් මේ අයවැය තුළින් ඉදිරි මාස 08ට පමණක්. අධ්‍යාපන පරිවර්තනය හරාහම තමයි අපි බලාපොරොත්තු වෙන සමාජ, දේශපාලන, ආර්ථික පරිවර්තනය කරගන්න පුළුවන් වෙන්නේ. අධ්‍යාපනය තුළ ඇතිවිය යුතු පරිවර්තනය ගැන ඉතාමත්ම බැරෑරුම් ලෙස කල්පනා කරමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අපි හඳුනාගනිමින් තමයි මේ අයවැය තුළ ඉදිරිපත්කරලා තියෙන්නේ. යෝජනා කරනා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් කුළුණු පහකින් අපි මැදිහත්වෙන්න බලාපොරොත්තු වෙනවා. සමාජය පරිවර්තනය කිරීමට අවශ්‍ය මානව සම්පත බිහිකිරීමේ දිශාවට ගෙනියන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් හදන්න පුළුවන් අලුත් විෂය මාලාවක් ඉදිරිපත් කරන්න අපි යෝජනා කරලා තියෙනවා. එය තමයි අපේ පළමුවෙනි කුළුණ. ඒ සඳහා අමාත්‍යාංශයට මිලියන 250ක් වෙන්කරලා තියෙනවා. ඊට අමතරව ව්‍යාපෘති හරහා මිලියන 160ක් වෙන් වෙලා තියෙනවා. මේ අයවැය තුළත් අපි විශේෂ අවධානයක් යොදවල තියෙනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මානව සම්පත සූදානම් කිරීමට. ධාරිතාව වර්ධනය කිරීම සඳහා අපි විශාල අවධානයක් යොදවනවා. ඒක තමයි අපේ දෙවෙනි කුළුණ. ඒ සඳහා මේ අයවැය තුළින් ඓතිහාසිකව ධාරිතාව වර්ධනය වෙනුවෙන් වෙන්වෙලා තියෙන වැඩිම මුදලක් අපි වෙන්කරලා තියෙනවා මිලියන 1640ක්. භාගෙට සකස් කරලා තියෙන ව්‍යාපෘති සම්පූර්ණ කරන්න මිලියන 11000ක් වෙන්කරලා තියෙනවා. අපේ රටේ තවදුරටත් දරුවන් සනිපාරක්ෂක පහසුකම් නැති පාසල්වලට යන එක නතර කරන්න මේ අවුරුද්දෙන් හරි ඉවර කරන්න අපි තීරණය කරලා තියෙනවා. වතු ක්ෂේත්‍රයේ පාසල් වලට විශේෂ අවධානයක් යොමුකරන්න අපි තීරණය කරලා තියෙනවා. පළාත් සභා හරාහ මිලියන 14896ක් මේ සඳහා අපි වෙන්කරලා තියෙනවා. විභාග දෙපාර්තමේන්තුවට මිලියන 12360ක් වෙන්කරලා තියෙනවා. උසස් අධ්‍යාපන සැලැස්ම තුළ ගුණාත්මකභාවය වැඩිකිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොදවල තියෙන්නේ. ” යනුවෙන් විවාදයට එක්වෙමින් අගමැතිවරිය තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan