අතනොහැර සහය දෙන්න – රෝහින්ග්‍යා සරණාගතයින් UN කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක!

කොළඹ LNW:මෙරට රැඳී සිටින රෝහින්ග්‍යා සරණාගතයින් විසින් අද (10) තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ජීවත් වීමට රටල්, භූමියක් නොමැති ජන කොටසක් ලෙස ඔවුන්ගේ අනාගතය සුරක්ෂා කරගැනීම වෙනුවෙන් සහය වන ලෙසයි එහිදී ඔවුන් ඉල්ලා සිටියේ.

මියන්මරයේදී ඔවුන්ට උරුම මරණයෙන් ගැලවී පලායමින් සිටියදී මරණය පෙනී පෙනී සිටියදී ඔවුන් ශ්‍රී ලංකා නාවිකයින් විසින් බේරාගෙන ගොඩබිමට රැගෙන විත් තිබුණි.

එහිදී ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ඇතුළු මූලික අවශ්‍යතා සැලසීමට ශ්‍රීලංකා රජය කටයුතු කරන ලදී.

ඒ අනුව මෙම විරෝධය කිසිවෙකුට හෝ එරෙහිව සිදුකරන්නක් නොවන අතර ඔවුන් ඉල්ලා සිටින්නේ ජීවත් වීම සඳහා කල්පවතින විසඳුම් සෙවීමට සහය වන ලෙසයි.

සාගින්න,නිවාස නොමැතිකම, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වැනි අනෙකුත් ක්ෂණික අභියෝගවලට මුහුණ දීමට ඔවුන්ට සහයක් වන ලෙස එම විරෝධතාවේදී ඔවුහු ඉල්ලා සිටියහ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධම්මිකගේ හේලීස් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමුවැන්න ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කරයි

Hayleys Retail හි ප්‍රථම සුපිරි වෙළඳසැල කොළඹ 10 ප්‍රදේශයේ...

ඉදිරි මාස තුන සඳහාත් ඉන්ධන මිලට සහනාධාරයක්. කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන...

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...