කොළඹ මහ නගර සභාවට මාලිමාව බල්තසාර් එවද්දී සමඟිය එරාන්ව සූදානම් කරයි!

Date:

කොළඹ LNW:එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව කොළඹ මහ නගර සභාවට සමඟි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂකයා ලෙස හිටපු අමාත්‍යවරයෙක් වූ එරාන් වික්‍රමරත්න මහතා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දී නැතත් දැනට වාර්තා වෙන අන්දමට කොළඹ මහ නගර සභාවේ සමඟි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂකයා ලෙස එරාන් වික්‍රමරත්න මහතා ඉදිරිපත් කිරීමට යෝජනා කර ඇති බව අද (10) කඩුවෙල නගර සභාවට ඇප තැන්පත් කිරීමට පැමිණි අවස්ථාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මාධ්‍ය වෙත පැවසුවාය.

උගත්, බුද්ධිමත්,හොඳ අධ්‍යාපනයක් සහිත ජනතාව සමඟ සිටින පුද්ගලයෙක් ලෙස එරාන් වික්‍රමරත්න මහතා ඊට වඩා සුදුසු බවයි ඇය පැවසුවේ.

විටෙක කැබිනට් ඇමතිවරයෙකුටත් වඩා ඉහළින් සිටින තනතුරක් ලෙස කොළඹ නගර සභාව වැනි තැනකට නගරාධිපති ලෙස පත්විය යුත්තේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්විය හැකි පුද්ගලයෙක් බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියාය.

මේ අතර ජාතික ජන බලවේගයේ කොළඹ පුරපති අපේක්ෂිකාව ලෙස ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ වන විට ප්‍රකාශ කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

41 වන Mrs. World රූප රාජිනියන් අතුරින් ලංකාවේ සබීනා දෙවන අනුශූරතාවයට!

සටහන – පුලී ජනවාරි 30, කොළඹ (LNW):  41 වන මිසිස්...

‘වේල්ගේ අවසාන පැතුම’: පුතාගේ අවමංගල්‍යය සඳහා ටෙක්සාස් මිනිසා නිදහස් කිරීම ICE ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 30 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ආගමන...

කළාපයේ ක්‍රීඩා සංවර්ධනයට තිරසාර ආකෘතියක් ඇති කිරීමට දකුණු ආසියානු ඔලිම්පික් කමිටුවල එකඟතාවක්

නිශ්මං රණසිංහ ජනවාරි 30, කොළඹ LNW: දිගුකාලීන කලාපීය සහයෝගීතාවය සහ...