අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාස 03 ක විශේෂ දීමනාවක්

0
474

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අපහසුතාවයට පත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා අමතර දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. මැයි මාසයේ සිට ජුලි මාසය දක්වා මෙම දීමනාව ලබාදෙන බවයි වාර්තා වන්නේ.

අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් වෙළඳ අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

මුදල් අමාත්‍යවරයා සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍යවරයා විසින් මීට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

කාණ්ඩ කිහිපයක් යටතේ මෙම දීමනාව ලබාදෙන අතර ඒ සඳහා මසකට වැයවන මුදල රුපියල් මිලියන 4455 ක් ලෙස තක්සේරු කර තිබේ. ඒ අනුව මාස තුනක් සඳහා රුපියල් මිලියන 13,364 ක් වැය කිරීමට නියමිතය.

පවුල් ඒකක මිලියන 3.34 ක් සඳහා මෙම සහනය හිමි වේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here