කුසගින්නේ පාසල් එන සිසුන් ප්‍රමාණය එකවරම ඉහළ යයි !

Date:

උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන සිසුන්ගේ ප්‍රමාණය ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය පවසනවා. රට මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදය හේතුවෙන් තම දරුවන්ට ප්‍රමාණවත් ආහාර වේලක් ලබාදීමට දෙමව්පියන්ට නොහැකි වී ඇති බවයි එම සංගමයේ සභාපති සුජීව විමලරත්න මහතා පෙන්වා දෙන්නේ.

පාසල් මූලික කර ගනිමින් ක්‍රියාත්මක වූ පෝෂණ වැඩසටහන් පවා මේ වනවිට අක්‍රිය තත්වයට පත්ව ඇති බවත්, එය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දැඩි බාධාවක් වී ඇති බවත් සභාපතිවරයා සඳහන් කරයි.

මීට පෙර කුසගින්නේ පාසල් පැමිණෙන සිසුන් සීමිත ප්‍රමාණයක් සිටි නමුත් මේ වනවිට එවැනි සිසුන්ගේ ප්‍රමාණය ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් තිබෙන බවත් සුජීව විමලරත්න මහතා පවසනවා. උදෑසන රැස්වීමේදී ක්ලාන්ත වී ඇදවැටෙන සිසුන්ගෙන් හේතු විමසීමේදී උදෑසන ආහාර වේල නොගෙන කුසගින්නේ පාසලට පැමිණි බව බොහෝ සිසුන් පවසන බවද ඔහු පෙන්වා දෙනවා.

මේ වනවිට පාසල් සිසුන්ගේ පොත්පත් ඇතුළු පාසල් උපකරණ, නිළ ඇඳුම් සහ සපත්තු මිල දෙතුන් ගුණයකින් ඉහළ ගොස් ඇති අතර කෙසේ හෝ එම වියදම් පියවා ගැනීමෙන් පසුව දරුවන්ගේ කුස පිරවීම සඳහා ප්‍රමාණවත් මුදලක් දෙමව්පියන්ගේ අතේ ඉතිරි නොවන බවද විමලරත්න මහතා ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයහපත් කාලගුණයෙන් මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ මීමුරේ මාර්ගයත් අවදානමේ!

කොළඹ LNW:මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ හුන්නස්ගිරිය මීමුරේ මාර්ගය...

ඉතාලියේ ශිත සෘතු ඔලිම්පික් උළෙලට ආලෝකය දෙන ගිණි සිළුව අද ගමන් ඇරඹීය.

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: ඉතාලියේ මිලානෝ කෝර්ටිනා හී...

සමාජය නොමඟ යවන සුළු සාවධ්‍ය තොරතුරක් ගැන රජයෙන් දැනුවත් කිරීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: සමාජය නොමඟ යවන...