වෙට්ටුදාන පොලිස්පති හොයන්න ඕනේ නම් මෙන්න ක්‍රමය!

Date:

කොළඹ LNW:පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව විසින් ගොණු කර තිබෙන රීට් පෙත්සම මඟින් ඔහුව සොයා ගත හැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නිසාම් කාරියප්පර් මහතා පවසයි.

අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොණු කිරීමේදී තෙන්නකෝන් මහතා සාම විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ දිවුරුම් ප්‍රකාශයක් දිය යුතු බැවින් මෙම පෙත්සම ඔස්සේ ඔහු සිටින ස්ථානය තීරණය කිරීම අපහසු නොවන බවයි කාරියප්පර් මහතා සඳහන් කරන්නේ.

“අභියාචනාධිකරණයට රිට් ඉල්ලීමක් ඉදිරිපත් කරන්න නම් දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙන්න ඕනෑ. සාම විනිශ්චයකරු ඉදිරියේ තමයි ලබා දෙන්නේ, දැන් ඒ ලේඛන ඔක්කොම අධිකරණයේ තියෙනවා. පොඩ්ඩක් හොයලා බැලුවානම් ඔය සාම විනිශ්චයකාරතුමාගේ නම් මේ වෙට්ටුදාන පොලිස්පති තුමා අල්ලගන්න පුළුවන්.” යනුවෙන් කාරියප්පර් මහතා කියාසිටියි.

කාරියප්පර් මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන්...

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...

78 වෙනි නිදහස සමරමින් යුද හමුදා සාමාජිකයින් 9158කට උසස්වීම්!

කොළඹ LNW:78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී...