කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු හැඟවීමේ නිවේදනයක් !

0
2362

සටහන – රුවන් නෙළුගොල්ල

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් අද (මාර්තු 16) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, ආරක්ෂිත පියවර ද සඳහන් කරමින් එම දෙපාර්තමේන්තුව විසින් අද පස්වරු 03.00 ට නිකුත් කරන ලද අවවාදාත්මක නිවේදනය පහතින් දැක්වේ.