සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක් වූ වැල්ලම්පිටිය මෝටර් රථ අනතුරේ ගැටළුව දෙපාර්ශවය විසින් සමතයකට පත්වෙයි!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 17, කොළඹ (LNW):

පසුගිය සිකුරාදා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පැද වූ මෝටර් රථයක් යතුරු පැදියක ගැටීමේ සිද්ධිය දෙපාර්ශවය විසින් සමතයකට පත් කරගෙන ඇති බව පොලීසිය පවසයි.

මුල්ලේරියාව, අඹතලේ ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගෙන කොළඹ දෙසට ධාවනය කිරීමේදී එම යතුරු පැදියේ පිටුපස අදාළ මෝටර් රථයේ ඉදිරිපස ගැටී ඇත.

පොලීසිය පැවසුවේ, එම මෝටර් රථය නොනවත්වා ධාවනය කරන අවස්ථාවේදී අදාළ යතුරු පැදිකරු මෝටර් රථයට ඉදිරියට යා නොදී සිය යතුරු පැදිය ධාවනය කරමින් එය නතර කර ගැනීමට උත්සාහ දරා ඇති බවයි.

කොටිකාවත්ත මංසන්ධිය ආසන්නයේදී එම යතුරු පැදිය පිටුපසින් ආ මෝටර් රථයේ නැවත වරක් ගැටී ඇති අතර ඒ හේතුවෙන් යතුරු පැදියේ පිටුපස ගමන් ගත් කාන්තාවගේ පාදයක වළලුකර ප්‍රදේශයේ තැලීම් සිදුව ඇති බවද පොලීසිය පැවසීය.

පසුව අදාළ යතුරු පැදිකරු මෝටර් රථය නවත්වා පොලීසියට දුරකතනය ඔස්සේ සිද්ධිය දන්වා එය සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර තිබූ අතර එය සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක් විය.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. පසුව දෙපාර්ශවය විසින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් සමතයකට පැමිණ ඇති බවයි.

තවද, පොලීසිය සඳහන් කළේ, අදාළ මෝටර් රථය ධාවනය කර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයෙක් බවයි.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...