*
Tuesday, March 18, 2025
spot_img

Latest Posts

අපේ රටට ජාතික ඉඩම් සංවර්ධන සැලසුමක් සහ ජාතික භෞතික සැලසුමක් අවශ්‍යයි – සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර අයවැය කාරක සභා විවාදයේ පරිසර ක්ෂේත්‍රය සහ විෂය අදාළ විවාදයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පරිසර හා වන ජීවී ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී යෝජනා රැසක් පාර්ලිමේන්තුව හමුවට ඊයේ (මාර්තු 17) ඉදිරිපත් කළේය.

ජාතික පරිසර පද්ධති ඇගයීම සිදුවිය යුතුයි

ජාතික පරිසර පද්ධති ඇගයීම සිදුවිය යුතු බවත් අප රටේ පරිසර පද්ධතිය හරහා ජෛව විවිධත්වය වටිනාකම මෙන්ම පරිසර පද්ධතිය ලබා දෙන සේවා සහ ඒ තුළින් සිදුවන මානව සංහතියේ පැවැත්ම යන කරුණු ගැන පුරවැසියන් අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත් බොහෝ අවස්ථාවල මේ පරිසර ක්ෂේත්‍රයේ පැලැස්තර විසදුම් ඉදිරිපත් වුවත් අප රටේ භූගෝලීය පිහිටීම අනුව සංරක්ෂණ ඉලක්ක නිර්මාණය කර ඉදිරියට යා යුතු බවත් සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය හරිත දේශපාලන පක්ෂයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ පරිසර සැලසුම් ප්‍රඥප්තිය දෙසත් බලන්න

ශ්‍රී ලංකාව දෙස බලන විට ජෛව විවිධත්ව ඝණත්වය ඉහළ ස්ථානයක ඇති ස්වාභාවික තිරසර පද්ධතියක අවශ්‍යතාව ඇති තිරසර සංවර්ධනය ක්‍රියාත්මක විය යුතු රටක් ලෙස අප රට හැදින්විය හැකි බවත් පසුගිය ජනාධිපතිවරණයේ දී 2019 ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කළ පරිසර සැලසුම පරිසර ප්‍රඥප්තිය මේ මොහොතේද සභාගත කරන බවත් පැවසූ ඒ මහතා පරිසර විෂය කේන්ද්‍ර කර ගෙන වන අලි කොටීන් සහ තල්මස් සම්පත කේන්ද්‍ර කර ගෙන විශේෂ වූ ජාතික ව්‍යාපෘතිය 3ක් ගැන කරුණු ඉදිරිපත් කර ඇති බවත් සඳහන් කළේය.

අප රටට ජාතික ඉඩම් සංවර්ධන සැලසුමක් සහ ජාතික භෞතික සැලසුමක් අවශ්‍යයි

අප රටේ පරිසරය ශක්තිමත් කර පරිසරය සුරක්ෂිත කිරීමට ජාතික ඉඩම් සංවර්ධන සැලසුමක් සහ ජාතික භෞතික සැලසුමක් අවශ්‍ය බවත් මේ සම්බන්ධ පුළුල් එකගතාවක් අවශ්‍ය බවත් ජෛව විවිධත්ව සංරක්ෂණය උදෙසා ජෛව විවිධත්ව සම්පත්වල වටිනාකම අගය කළ යුතු බවත් පරිසර දූෂණය අවම කිරීම ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරිම පාංශූ ඛාදනය අවම කිරීම අනවසරයෙන් වන විනාශ කිරීම තහනම් කිරීම ආදී ලෙස ඒවා කෙරෙහි කටයුතු කළ යුතු බවත් ් විපක්ෂ නායකවරයා පැවසීය.

තිරසර සංවර්ධනය සංරක්ෂණය මෙන්ම ප්‍රජා කේන්ද්‍රීය සංරක්ෂණය අතිශය වැදගත්

චක්‍රීය ආර්ථිකයක් කරා යොමු වීමේ දී තිරසර සංවර්ධනය සංරක්ෂණය මෙන්ම ප්‍රජා කේන්ද්‍රීය සංරක්ෂණය අතිශය වැදගත් බවත් වනජීවී සංරක්ෂණය ප්‍රජා පුද්ගල කේන්ද්‍රීය ලෙස සැලසුම් කරන්න හැකි නම් එය සාර්ථක බවත් පුද්ගල කේන්ද්‍රීය සංරක්ෂණ වැඩසටහන් තුළ සංරක්ෂණ වැඩසටහන් විශාල ලෙස සංරක්ෂණය කළ හැකි බවත් අද වන විට ප්‍රඥප්තීන් ගණනාවකට එකග වී ඇති බවත් කාලෙන් කාලෙට විවිධ ප්‍රඥප්තීන්වලට එගක වී ඇති නමුත් රටක් ලෙස මේ ඉලක්ක සම්පූර්ණ කර ඇත් ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

හරිත සංචාරක කර්මාන්තය දියුණු කරමු

හරිත සංචාරක කර්මාන්ත සංකල්පය යටතේ අප රටට විදේශ විනිමය ලබා ගත හැකි බවත් 1971 හෝ 72 ඉන්දියවේ ඉන්දිරා ගාන්ධි මැතිනිය වදවී ගෙන යන ව්‍යාඝයන් කේන්ද්‍ර කර ගෙන වැඩසටහනක් හරහා ව්‍යාඝ්‍රයා කේන්ද්‍ර කර ගත් සංචාරක කර්මාන්තයක් ක්‍රියාත්මක කළ බවත් මේ නිසා ව්‍යාඝ්‍රයන් වැඩි වී දැවැන්ත හරිත සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වී ඇති බවත් ඒ ආකාරයට වන අලින් කොටීන් ඩොල්ෆින් හා තල්මසුන් උපයෝගී කර ගෙන හරිත සංචාරක ව්‍යාපාරය ගෙන යා හැකි බවත් ් විපක්ෂ නායකවරයා පැවසීය.

අලි මිනිස් ගැටුමට තිරසර විසදුම් ලබා දෙන්න

එසේම වන අලි මිනිස් හා වන සතුන් මිනිස් ගැටුම බරපතල වී ඇති බවත් විසදුම් දෙන්න උත්සාහ කළත් කිසිදු සාර්ථකත්වයක් නොමැති බවත් ලෝකයේ සාර්ථක ලෙස වන සතුන් හා මිනිසුන් හා වන සතුන් හා මිනිසුන් අතර ගැටුම් අවම කර ගත් නව තාක්ෂණ සාර්ථක ක්‍රමවේද ඇති නමුත් අප රටේ වන ජිවී සංරක්ෂණ සැලසුමක් ක්‍රියාත්මක කිරීම අපහසු වී ඇති බවත් වනජීවී සංරක්ෂණ යාන්ත්‍රණය සවිමත් කරන්න අවශ්‍ය මානව හා භෞතික සම්පත් ක්‍රියාත්මක නොවන බවත් මේ නිසා මේ ගැටුම් සිදුවීම වැළැක්වීමට අප රටේ පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බව රජයෙන් රජයට ඇමතිවරයාගෙන් ඇමතිවරයාට වෙනස් වන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

සත්ත්ව සුබසාධනයට ප්‍රමුඛස්ථානය ලබා දෙන්න

එසේම සත්ත්ව සුබසාධනයට ප්‍රමුඛස්ථානය දිය යුතු බවත් මානව හිතවාදීත්වය තුළ ජාත්‍යන්තර සමුළුවලට සහභාගී වනවා සේම අප රටේ තිරසර සංවර්ධනයට ගත හැකි උපරිම දේ ගත යුතු බවත් නව හරිත විෂයේ ප්‍රවණතා නිසා අප රටට ලැබෙන අවස්ථා ප්‍රවර්ධනය කර පරිසර කේන්ද්‍රීය සංරක්ෂණය තවදුරටත් ප්‍රගුණ කිරීම උදෙසා ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලයක් ගොඩනැගිය යුතු බවත් අප රට ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයක් බවට පත් කර ජාතික වනෝද්‍යාන කේන්ද්‍ර කර ගෙන පර්යේෂණ කටයුතු කිරීමට ඉහළම අවස්ථාව ලබා දිය යුතු බවත් තවදුරටත් පැවසීය.

වන ජීවී ක්ෂේත්‍රයේ භෞතික හා මානව සම්පත් වර්ධනය කරන්න

ස්වේච්ඡා සේවයේ නිරතව සිටින පරිසර ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් ඇති සොච්චම් පඩියක් ගන්න වනජීවී නිලධාරීන් ස්ථිර කරන ලෙසත් බහුකාර්ය දෙපාර්තමේන්තුවේ රු. 22500ක දීමනා ලබන දහස් ගණනක් සිටින බවත් මේ අයගේ රැකියා ස්ථිර කරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වන සතුන් ගැන සංගණනය කිරීම විධිමත්ව සිදුවිය යුතු බවත් ඒවා විහිලුවට ලක් කිරීම යෝග්‍ය නොවන බවත් ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan