*
Tuesday, March 18, 2025
spot_img

Latest Posts

යන්න හදපු අදානි ජුනි සිට වැඩ ආරම්භ කිරීමට සැරසෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්න්ධයෙන් අදානි සමාගම තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

“ද හින්දු” පුවත්පත වාර්තා කරන්නේ අදාළ ව්‍යාපෘති සම්බන්ධයෙන් අදානි සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර තවමත් සාකච්ඡා පවත්වමින් සිටින බවයි.

එම ව්‍යාපෘතිවල ගාස්තු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා අදාළ සාකච්ඡා පැවැත්වෙන අතර ගාස්තු ගැටලුවක් හේතුවෙන් මන්නාරම, පුනරින් හි පුනර්ජනනීය සුළං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වන බවට අදානි සමාගම පසුගියදා ලිඛිතව දැනුම් දීමක් කර තිබුණි.

එහෙත් අදාළ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් නවතා දැමීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

ගාස්තු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් එකඟතාවකට පැමිණීමෙන් පසු මෙම ව්‍යාපෘතියේ කටයුතු යළි ජුනි මාසය වන විට ආරම්භ කිරීමටයි අදානි සමාගම අපේක්ෂා කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan