වැලිගම වෙඩි තැබීමේ සිද්ධියේ සෙසු සැකරුවන් 06ත් අධිකරණයට භාර වෙයි!

Date:

කොළඹ LNW:2023 දෙසැම්බර් 31 වැලිගම පැලෑන ප්‍රදේශයේ ව 15 හෝටලය අසල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු තවත් සැකකරුවන් 6ක් අද (21) මෝසමක් මාර්ගයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

පසුගිය පෙබරවාරි 27 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය එම නඩුවට අදාළව නියෝගයක් නිකුත් කළේ එම සිද්ධියට අදාළව සේවය අත්හිටුවා තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකරුවන් 08ක් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.

එම නියෝගයට අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි වූ අතර ඔහු එම නියෝගයෙන් දින 20කට පසු පසුගිය 19 වැනිදා අධිකරණයට භාර විය.

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වූ අතර ඔහු එළඹෙන අප්‍රේල් 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

උක්ත සිදුවීමට අදාළව වැලිගම වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා මීට පෙර අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු ඇප මත නිදහස් විය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වායු කැළඹීමෙන් වෙච්ච දේ – උතුරු වායුගෝලයේ වායු දුෂණය ඉහළට!

කොළඹ LNW: මෙරට උතුරු ප්‍රදේශයේ වායුගෝලයේ ස්වභාවය අහිතකර තත්ත්වයකට...

රටම එකට විශේෂ මෙහෙයුමෙන් තවත් 693 ක් අත්අඩංගුවට!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇති රටම...

කුණු කානුවකට වටිනාකමක් නොලද තැන කලාවෙන් ලැබෙන වටිනාකම!

සටහන – පුලී නොවැම්බර් 11, කොළඹ (LNW): කිඹුලන් බවට පත්...

“ජනා­ධි­පති මාධ්‍ය සම්මාන -2025″ අද..

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : “ජනා­ධි­පති මාධ්‍ය සම්මාන...